(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඒ සමගම එම ආයතනය හිමිකාරිය බව කියන කාන්තාවක් පළාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.
මධ්‍යම රාත්‍රියේ දී අධිවේගී පාලමයට ගිමන් හරින මුවාවෙන් බහුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අප ජලය බැහැර කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට
Pradeep Kumara Sunday, 26 January 2025 10:38 AM
මේ වගේ අයට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. වගා හානිය සහ පරිසරයට සිදුකළ විනාශය තක්සේරු කර අදාල ආයතන හිමි කාරියගෙන් එය අය කර ගන්න ඕනෑ.
පුරන් අප්පු Sunday, 26 January 2025 11:54 AM
මෙයට වසර ගණනාවකට පෙර ඉරිදා දිනක මාතලේ නගර සභා බල ප්‍රදේශයේ නිවසක වැසිකිලි වල පිරී ඇති බැවින් කෙනෙකු සෙව්වා. නගරසභාවේ සේවකයෙකු විසින් අධික මුදලක් පොරොන්දුවී නගර සභා ගලි බව්වුසරය පැමිණ වල ඉසින්නට පටන් ගත්තා. ගලි බවුසරය පිරුණත් තවමත් වල හිස් නොවුන බැවින් නගරයේ කාණු පද්ධතියට එය මුදා හරින්නට සූදානම් වුණා. එදින අධික වැසි නිසා කාණු වේගයෙන් ගලා යන නිසා ප්‍රශ්නයක් නොවන බව එවුන් කීවා. මා එයට තදින් විරුද්ධ නිසා එය වැලකුණා. පසුදින ඒ බව කියා පිටවුණා. එහෙත් ඔවුන් එය නිතර කරන දෙයක් බව කතාවෙන් පෙනුණා. ඔවුන් කිව්වේ ඔවුන් වෙනදාට ගලී බවුසර් මුදා හරින්නේ මාතලේ මැක්ඩොවෙල් බලකොටුව තුළ ඇති සොහොන් පිටියේ වලක් කැපීමෙන්ලු. නිවාඩු දිනවල හොරෙන් අදින ගලී බවුසර් හලන්නට වල කපන්නට බැකෝ නැති නිසා කොහේ හරි හලනවාලු. සමහරවිට තවමත් එසේ සිදුවෙනවාද දන්නේ නෑ. එකල සිටි හලංගොඩ කියන ඉන්ජිනේරුවාට පසු දිනක මේ ගැන කියුවත් ඔහු තඹයකට ගණන් ගත්තේ නෑ. හිනා වුණා පමණයි. බොහෝවිට නිවාඩු දිනවල ලැබෙන මුදලින් ඔහුටත් කොටසක් යනවා ඇති. මම කියන්නේ මේ විදිහට තවමත් රටේ සිදුවෙනවා නම් මිනිසුන්ට අබ සරණයි.