IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

(ඩී.ජී.සුගතපාල, චන්ද්‍රසිරි ගුණසේකර සහ ජේ.කේ.ඒල්.චාමින්ද )

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

ඉතිරි කොට්ඨාස දෙකේ බලය සමගි ජනබලවේගය හිමිකරගෙන තිබේ. පිටුවල හා අවිත්තාව යන කොට්ඨාස සමගි ජනබලවේගය දිනා ගත් කොට්ඨාස වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.

සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.

මධ්‍යස්ථාන 48කදි ඡන්ද විමසිම සිදු කරනු ලැබු අතර ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 55643කි.

ඇල්පිටිය ප්‍රදේශට  යහපත් කාලගුණ තත්වයක් පැවැති අතර  හදිසි ගංවතුර තත්වයක් හෝ ආපදා තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ප්‍රවාහනය කිරිම සඳහා බෝට්ටු සේවාවක්ද සහන සේවා කණ්ඩායම්ද සුදානම්කර තිබිණි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධින කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබුණ ද නාම යෝජනා බාරදි ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධින කණ්ඩායමක් පමණි.

උදෑසන 7සිට සවස 4දක්වා පැවති ඡන්ද විමසිමේදි ඡන්ද ප්‍රකාශකර ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 63%ක් බවත් ඡන්ද විමසිම සාමකාමිව පැවති බවත් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ.ධරමසිරි මහතා පැවසිය.

 



අදහස් (0)

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

දියත

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
2024 නොවැම්බර් මස 22 4 0

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි
2024 නොවැම්බර් මස 22 556 3

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ



බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 1214 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
2024 නොවැම්බර් මස 22 895 0

සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096


උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 759 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 468 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 698 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1972 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site