(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (27) පැවසීය.
ඒ අනුව මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්ත දුම්රියක් ලබන පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ කරන බව කී ඒ මහතා නානුඔය සිට ඇල්ල දක්වා දෛනික දුම්රියක් පෙබරවාරි මස 10 වැනිදා ආරම්භ කරන බව ද කීය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කොළඹ දුම්රිය මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
ඇල්ල දක්වා දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධයෙන් වාර්තා වී ඇති අයථා කටයුතු පිළිබඳව පොලිසිය කටයුතු කරමින් සිටින බව කී ජයසුන්දර මහතා ප්‍රවේශපත් වෙන්කිරීමේ මාර්ගත ක්රමයේ පහසුකම් වැඩි කිරීමට ද කටයුතු කරමින් සිටින බව ද සදඟන් කළේය.
කොළඹ සිට ඇල්ල දක්වා සැපයුම වැඩි කිරීමේ පියවරක් ලෙස පෙරවාරි මස 1 වැනිදා සිට මහනුවර සිට දෙමෝදර දක්වා වන සති අන්ත දුම්රියේ ආසන 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇති අතර එහි ප්‍රවේශපතක් රුපියල් 7,000 ක් මුදලට වෙන්කරවා ගතහැකි බවත් පෙබරවාරි මස 10 වැනිදා නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය කරන දෛනික දුම්රියේ ආසන 350 ක් ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
එම දෛනික දුම්රිය නානුඔයෙන් පෙරවරු 8.10 ට ආරම්භ වී බදුල්ලට ගොස් නැවත පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්ව පස්වරු 5.00 ට නානුඔයට නැවත ළගාවන බවත් එම දුම්රිය දවල් කාලයේ ධාවනය කරන නිසා වඩා ජනආකර්ශනයක් ඇති ඇල්ල සහ නානුඕය කොටසේ තදබදය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජයසුන්දර මහතා පැවසීය.
යාපනය සමඟ දුම්රිය සම්බන්ධතාව නැවතත් ඉහළ නැංවීමේ අරමුණින් ජනාවාරි 31 වැනිදා සිට යාපනය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධ
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අ
විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.
ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇල්ලට නව දුම්රිය දෙකක්