IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇවිදින මංතීරුවට පක්ෂ - විපක්ෂ ගුටි කෙළියක - වීඩියෝ

(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලිමට  ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රුපියල් කෝටි දෙකක් වියදමින් ඉදිවන ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යළිත් ගුටිබැට හුවමාරුව ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය  නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.



අදහස් (32)

ඇවිදින මංතීරුවට පක්ෂ - විපක්ෂ ගුටි කෙළියක - වීඩියෝ

suneth hemantha Tuesday, 12 October 2021 02:39 PM

උන්ට ගසා කන්න ඉන්න, හිටින්න තැනක් නැති තොපි ගහ ගනිව්

:       1       77

sisilTuesday, 12 October 2021 04:31 PM

ශරීරය තිබුනට මොලය නැහැ.

:       0       28

siriplaWednesday, 13 October 2021 01:58 AM

අනාගත පාර්ලිමේන්තුවට පත්කළ යුතුම කණ්ඩායමක්...

:       0       6

gamunuWednesday, 13 October 2021 03:01 AM

ලෝකයේ දියුණු රටවල දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය අතර තුර ගුටිබැට හුවමාරුවකදී පළමු ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා වරදකරු වීම සහ නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්කිරීම සිදුවේ. එය කිසිවකුට නොවැළැක්විය හැකියි...

:       0       5

fairoos Tuesday, 12 October 2021 02:56 PM

ආණ්ඩුව හැම අතින්ම ෆේල්...

:       13       106

සිරිබිරිස් Tuesday, 12 October 2021 03:30 PM

නිවන් සැප ලැබේවා කියන්න හරිම ආසාවෙන් ඉන්නේ....

:       1       84

VithanaWednesday, 13 October 2021 06:30 AM

සමහරු රතිඤ්ඤා එහෙමත් ලෑස්ති කරගෙනලු.

:       0       83

චන්දන Tuesday, 12 October 2021 03:41 PM

ඇවිදින්න ඕන නැහැ. ඔය විදියට එක්සයිස් කළාම ඇති.

:       2       46

පිටරැටියා Tuesday, 12 October 2021 04:22 PM

අපිට නම් ලැජ්ජයි.., ලංකාවේ දේශපාලුවන් හැසිරෙන හැටි දැක්කාම... කිසිම ශීලාචාර කමක්, හික්මීමක් ඇත්තේම නැහැ. සිවුපාවුන්ට වැඩිය හපන්...

:       23       49

Raveendra Tuesday, 12 October 2021 04:27 PM

මහජනතාව වෙනුවෙන්ම අවංකව සේවය කිරීමට මේ පක්ෂ, විපක්ෂ මී හරකුන් අං පටලවාගෙන තිබෙන අපූරුව..

:       25       36

මහසෙන් Tuesday, 12 October 2021 04:57 PM

ජනතා සේවයනේ. කන එකක් ඒ ගොල්ලොත් එක්කත් බෙදාගෙන කනවලා. එතකොට ගහහන්න ඕන නෑ...

:       0       13

ගමේ එකාලා Tuesday, 12 October 2021 04:58 PM

පිනට කකා බිබී ඉන්න දේශපාලුවන්, අතේ පයේ හිරි ඇරගන්නත් මොනවා හරි කරන්ඩ වෙනවනේ? මරු?

:       9       23

shantha ranasingha Tuesday, 12 October 2021 05:18 PM

මුන්ට එක්සයිස්.. මිනිස්සුන්ට පාන් කියාගන්න විදිහක් නෑ. ගුරුවරුන්ට පඩි ගෙවලා ළමයින්ට උගන්වන්න විදිහක් නෑ. සේරම මනිමෝනියාවට යටයි. මේ ආණ්ඩුවේ කාලකණ්ණි වැඩ...

:       1       57

මුදියන්සේ, Tuesday, 12 October 2021 05:59 PM

ෆිට්නස් ටෙස්ට් එකක් වෙන්න ඇති..

:       2       13

Shantha- qatar Tuesday, 12 October 2021 06:06 PM

ගුටිබැට දීගෙන කරන ජනතා සේවය... මේ අයට විකාර.. මේවා දකින අපිට ඊට වඩා පිස්සු...!!! 

:       3       17

අප්පුහාමි Tuesday, 12 October 2021 06:13 PM

මා සතු කුඩා ඉඩමක සුළු වගාවක් කරමි. සතියකට වතාවක් එම ඉඩමට මා යනවිටම ළඟ ගෙදරක සිටින බළලෙක්, බල්ලෙක් හා බැල්ලියක් එකවරම මා සිටින තැනට පැමිණේ. මම උන්ට බනිස් ගෙඩියක් හෝ වෙනත් සුළු කෑමක් දෙනවිට උන් තිදෙනා ඉතා සමගියෙන් එය කා ටික වේලාවක් මා සිටින තැන සිට ආපසු යනවා දැකීම වත්මන් දේශපාළුවන්ට වඩා සතුන් යහපත් බව කියාපෑමකි..

:       13       34

Raveendra Wednesday, 13 October 2021 05:38 AM

සහතික ඇත්ත. කිසිදු පක්ෂ බේදයකින් තොරව දේශපාලුවන් යනු තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන්ම කාමරාගන්නා ජාතියක් බවට මෙයත් එක් උදාහරණයකි.

:       0       3

අප්පුහාමි Wednesday, 13 October 2021 03:09 PM

ගහගත්තු අය අනුවණයන් බව ඇගවුවාම එයටත් විරුද්ධව ඩිස්ලයික් දමන්නෙ ඇයි කියලා තෙරුම්ගන්න අමාරුයි.

:       1       2

de silva Tuesday, 12 October 2021 06:44 PM

කොමිස් එකක් ගන්න තිබෙන දේ කඩාකප්පල් කරන්න, ආවාම ගහලා එළෙව්වේ නැතිනම් ඒ අය පොහොට්ටු මන්ත්‍රීලා නොවේ... කොරෝනා හරි කමක් නෑ... කොමිස් ගහන්න පුළුවන්නම්..

:       1       45

ShanWednesday, 13 October 2021 01:15 AM

අනේ ඔයා බබා .අනික් මන්ත්‍රීලා කොමිස් ගන්නේ නැති බබාලා වෙන්න ඇති

:       2       2

Demuni Uduwara Wednesday, 13 October 2021 12:20 AM

අපි ජීවත් වන්නේ ගෝත්‍රික ජනපදයක බව නැවත ඔප්පු වී ඇත!

:       0       4

sam Wednesday, 13 October 2021 12:45 AM

මහ කාලකන්නි ආණ්ඩුවක් මේ වෙලාවේ රටටයි ජනතාවටයි අවශ්‍ය මංතීරුද යකෝ , මිනිස්සු පෝලිම් වල දුක් විඳිනවා .මේ . කාලකන්නි පාලකයෝ මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකම් උන්ගේ ගසා කෑම් වලට මංතීරු හදනවා .මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ වෙන්න ඕනේ .මහා එවුන් මේවට වග කියන්න ඕනේ .සෞභාග්‍යයේ ගසා කෑම්

:       1       9

සිරිබිරිස් Wednesday, 13 October 2021 06:31 AM

තද වැස්ස ඇති කාලයට නාවලපිටිය ගංවතුරින් යටවෙනවා කියලා රූපවාහිනී මගින් දැක ඇත නනගරයේ ගංවතුර පාලනය කිරීමට වඩා මංතීරුවක් තිබෙන තැනක තවත් මංතීරුවක් සැකසීම අවශ්‍ය බව කියන මුග්ධ පිරිසක් බලයට පත්කල අනුවන ඡන්ද දායකයින් මෙවාට වගකිව යුතුය.

:       0       11

Hemantha Wednesday, 13 October 2021 08:43 AM

ඔය මොන අදහස් මෙතන දැම්මත් ආයෙම ගිහින් ඔය කට්ටියටම ඡන්දේ දානවනේ අපි...

:       0       6

janatha handa Wednesday, 13 October 2021 09:04 AM

ගුටි බැට ගහ ගන්නේ ලැබෙන කොමිස් කුට්ටිය නිසා ජනතාව දුක් විඳිද්දී මේ අය මරා ගන්නේ මුදල් වෙන් කරලා ලැබෙන කොමිස් මුදල් නිසා.

:       0       5

damith Wednesday, 13 October 2021 10:14 AM

නූගත් ඡන්ද දායකයන්ට හරියන්නේ ඉතින් මේවාගේ අයම තමා. ඊට පස්සේ කන්න නෑ, බොන්න නෑ, ඉස්කෝල නෑ, අරව වැඩියි මේවා වැඩියි කියලා නාහෙන් අඬනවා.

:       0       7

Dharmatileke Wednesday, 13 October 2021 10:46 AM

මේ මිනිස්සු රට හදයිද.?

:       0       6

Perera Wednesday, 13 October 2021 11:23 AM

බුද්ධිමත් නායකයෝ ප්‍රශ්න විසදන්නේ සාකච්චා කරලා .ඒ තරම් මොලයක් නැති සත්තූ තමයි කල කෝලහාල කරගෙන මාරාගෙන ප්‍රශ්න විසඳන්න හදන්නේ

:       0       4

විපරමා Wednesday, 13 October 2021 03:42 PM

එහෙම නායකයින් නැති එකනේ ප්‍රශ්නේ... ඉන්නේ දූශිත බලලෝබී දේශපාලුවන්... බල තණ්හාවට නොකරන, නොකරපු දෙයක් නැහැ...

:       0       2

Rocky Wednesday, 13 October 2021 02:39 PM

අර සොයිසා... අර! ජනතාව 69 ලක්ෂයක් අපට ඡන්දෙ දුන්නේ ඇවිදින මංතීරු ඕනෑ නිසානේ...! ඒක රටේ, ජාතියේ දැවෙන ප්‍රශ්නයක්...

:       0       1

sampath Wednesday, 13 October 2021 10:13 PM

මේ වගේ මොලේ කචල් අය තෝරලා යවපු මිනිස්සුන්ටයි මඩු වලිගෙන් තලන්න ඕන.

:       0       1

sharm warn Monday, 18 October 2021 04:58 PM

ගහන්න ඕන මේ වගේ අයට ඡන්දේ දුන්න අයට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 2 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 73 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 186 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 156 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 109 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 192 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 574 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site