IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇවන්ට්ගාඩ් සභාපතිට චෝදනා කර ඇත්තේ දේශපාලන අරමුණකින් බව උසාවියේ කියයි

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලනික අරමුණකින් යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එරාජ් ද සිල්වා මහතා අද (8) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

එසේම ඔවුන් දෙදෙනාට එරෙහි එම අධි චෝදනා  අල්ලස් පනතේ විධි විධාන වලට පටහැනි යැයිද නීතීඥ එරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම නීතීඥවරයා මේ බව කියා සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එම ප්‍රතිශෝධන පෙත්සම කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.

මෙම අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවත් , එලෙස නිසි අනුමැතියකින් තොරව නඩු පැවරීම නීතිවිරෝධී බැවින් එම නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් ලබා නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

සියලු කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 17 වැනි දිනට කල් තැබිණි.

 

‘ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 4 වැනිදා පටන් විභාග කිරීමට තීරණය කළාය.

පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ ඉරාජ් ද සිල්වා සහ නීතීඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (7)

ඇවන්ට්ගාඩ් සභාපතිට චෝදනා කර ඇත්තේ දේශපාලන අරමුණකින් බව උසාවියේ කියයි

Lal Wednesday, 08 July 2020 12:11 PM

යහපාලනය බොරු චෝදනා කරමින් කාලය කෑවා මිසක් රටට කල සේවයක් තියෙනවද?

:       376       409

MOHOMED Wednesday, 08 July 2020 12:17 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... උදයංග නඩුවට මෙහෙම වන බව අපි දැනගෙන හිටියා.

:       116       160

anura Wednesday, 08 July 2020 01:00 PM

ආ ඒකත් එහෙමද?

:       61       92

samWednesday, 08 July 2020 03:00 PM

දිල්රුක්ෂි ඩයස් මහත්මිය කිව්වේ ඒක එහෙම වුණා කියලා තමයි.

:       0       104

Ana Wednesday, 08 July 2020 10:55 PM

කොකාගේ වාරෙ.

:       0       0

rana Thursday, 09 July 2020 04:28 AM

නෑ මිතුරු කැලට යහමින් බෙදා දේ !! වෙනස මොකක්ද ??

:       58       1

අතුල Thursday, 09 July 2020 12:02 PM

නාවික හමුදාවේ ව්‍යාපාරය නිස්සංක සේනාධිපතිට හොරා කන්න හොඳයි! හිටපු නාවික හමුදාපතිවරුන් 3 දෙනෙක්ගේ නිර්දේශ මත "ලංකා රජයට ලැබෙන කොමිස් ප්‍රතිශතය 3 වරක් අඩුකළා"... ඉන්පසුව ඒ නාවික හමුදාපතිවරු 3 දෙනාම, නිස්සංක යටතේ අතිවිශාල වැටුප්වලට රැකියා කළා. ඇත්තටම "අති විශාල වැටුප ගෙව්වේ නිස්සංක නොවෙයි. ඒවා රජයට ලැබෙන්න තිබුණු මුදල්". කොහොම වුණත් නිස්සංක කලේ "හොර කමක්". පුලුවන් හැම එකාටම කප්පම් දීලා, මොකක් හරි හොරකමක් කරගන්නයි හැමදාම බැලුවේ. එහෙම නැතිව "තමන්ගේ මොලය, උත්සාහය, දක්ෂතාවය, කැපවීම නොවෙයි. සරලවම හොරකම" දැන් වැරැද්ද කරලා තියෙන්නේ ලංකා රජය. කොහොම වුණත් නන්දසේනගේ ජයග්‍රහණයට නිස්සංක රුපියල් බිලියන ගණනක් වියදම් කලේ, නිකම් නොවෙයි. ඒවට නන්දසේන නොවෙයි ගෙවන්නේ. ට්‍රිලියන ගණන් වලින් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ කොත්තමල්ලි ඇටෙන් පවා ගෙවනවා. ජයවේවා!

:       0       103

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හැම පාසලකටම බෙදන්නේ එකම හැන්දෙන්
2025 අප්‍රේල් මස 10 49 0

විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවස


යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි
2025 අප්‍රේල් මස 10 162 0

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය ව


අද කාලගුණය
2025 අප්‍රේල් මස 10 241 0

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අපරාද කණ්ඩායමක සාමාජිකයකු මාට්ටු
2025 අප්‍රේල් මස 10 389 0

ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?
2025 අප්‍රේල් මස 10 714 0

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර


මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා
2025 අප්‍රේල් මස 10 439 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 175 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 833 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 638 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site