IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා

(සුජිත් හේවාජුලිගේ )

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ඒ නිසා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (22)

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා

පුරවැසියා Tuesday, 14 May 2024 09:30 PM

මොකට බය වෙන්න ද ඊට වඩා විෂ බෙහෙත් ඉස්පිරිතාලෙ තියෙන්නේ

:       0       12

pakeer Tuesday, 14 May 2024 09:47 PM

හිනා යන්නේ අදෝ මුඛයෙන්

:       0       10

මහිලාල් Tuesday, 14 May 2024 09:58 PM

මම ඔය කියන නමින් එන්නත් 2 ක් ගත්ත. ඒත් පොඩ්ඩක්වත් බයක් නම් නෑ. මොකද දැං ආංඩුවෙ බෝඩිමෙ ඉන්න අයමනෙ ඕව ගෙන්නන්න ඇත්තෙ.

:       0       5

Lakmal Tuesday, 14 May 2024 10:32 PM

බටහිරෙන් එන සියලු දේ දේවත්වයෙන් සලකන පිරිස අඩුවෙන එකෙන් ලෝකය මීටවඩා යහපත් තැනක් වෙනව. මුස්ලිම් මිනිස්සු මුල ඉදලම එන්නතට විරැද්ධ උනා.

:       3       7

චන්දිම ෆොන්සේකා Tuesday, 14 May 2024 11:04 PM

ඔවු අනේ මේ උත්තමයලා කියන විදියට බය වෙන්න කිසිම දෙයක් නැහැ වෙන්නැති. ඕනනම් මැරිලා යාවි. එච්චරයි, වෙන මුකුත් කරදරයක් වෙන එකක් නැහැ. කලින් ගෙනාපු ඉමියුනොග්ලොබියුලින් ද මොනවද බෙහෙතුත් මොන තරම් ඉස්තරම් ඒවාද?

:       0       11

පිටරටවැසියා Wednesday, 15 May 2024 01:25 AM

සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් තියෙන එකේ මොකට භය වෙනවද ???

:       2       10

Ariyathilaka Wednesday, 15 May 2024 02:30 AM

ලංකාදීප පුවත “ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිසා රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එම ආයතනය පිළිගැනීමෙන් පසුවය එන්නත බෙදාහැරීම හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.” පැහැදිලිව ම මෙසේ ප්‍රකාශ කරද්දී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ කීම අප පිළිගන්නේ කෙසේ ද? මොහුගේ ප්‍රකාශය පදනම් විරහිත වංචනික ප්‍රකාශයක් බව නම් නොකියා ම බැරි ය.

:       0       15

AriyathilakaWednesday, 15 May 2024 10:33 AM

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ මේ ප්‍රකාශය පිළිබඳව නීතිමය වශයෙන් ක්‍රියා ක්‍රිරීම ඇවැසි ය. ඇස්ට්‍රාසෙනෙකා සමාගම සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ත් වඩා මේ ප්‍රකාශය කෲර ය. භයානක ය. වගකීම් විරහිත ය. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වශයෙන් මොහුගේ කාර්යය සහ කර්තව්‍ය පිළිබඳව අපට සැකයක් ඇතිවීම වැලැක්විය හැකි ද?

:       0       7

Suraj Wednesday, 15 May 2024 03:19 AM

ඒ කියන්නේ මැරෙන්න හිටිය අය මැරිල ඉවරයි. දැන් ආයෙත් මැරෙන්න දෙයක් නැහැ කියන එක නේද?

:       0       6

inranasingha Wednesday, 15 May 2024 05:38 AM

අම්මෝ NMRA කියනවනම් අපි පිලිගන්නම ඕන විජිත් කියන්නෙ දෙවිකෙනෙක්..අපේ හිත හැදුනා ස

:       0       3

Krishan Wednesday, 15 May 2024 07:00 AM

ඔව් ගෙනාපු එන්නත් ඔක්කොම අවුලක් නැහැ කියන්න වෙනවා මොකද එවගෙන් හම්බ කරපු එවාගෙන් වන්න මුල්වු අය බටහිර බෙහෙත් මාෆියාව තමයි මුල් උනේ දේශීය ඖෂධ වලට සමාජ මාධ්‍ය යොදාගෙන පහරදුන්නා එවා රටේ සමාජ මාධ්‍යයට සම්බන්ධ උන් ඉදිරියට අරගෙන ගියා පරික්ෂණ කරන්න වතුපිටිවල රෝහලට ගෙනාව ධම්මික පැණිය වෛද්‍යවරුන් හෙදියන් ගෙවල්වල අරන් ගිහින් පවුලේ අය එක්ක බිව්වා රටේ අනිත් මිනිස්සුන්ට එක හොද නැහැ කියලා මතයක් ඇති කලා දැන් බ්‍රිතාන්‍යයේ මහාධිකරණය ඉදිරියේ ඒ ඇස්ට්‍රාසෙනිකා ආයතනය පිලිඅරන් තියෙද්දිත් ආනන්ද විජේවික්‍රමලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත්ත කුට්ටියට කඩේ යනවා ඒ එන්නතේ අවුලක් නැහැ හොදයි කියකිය රටේ මිනිස්සු අංඅංශභාග හැදුණේ හෘදයාබාධ හැදුණේ විවිධ රෝග වලට ලක්වුනේ මරණයට පත්වු ඒ අයට සාධාරණයක් ඉටුකළ යුතුයි රජය විසින්

:       0       3

Rifan Wednesday, 15 May 2024 07:00 AM

අදාල සමාගම කියනවා අවුලක් තියෙනවා කියලා. අපේ ("එහෙයි") විද්වතුන් කියනවා අවුලක් නැහැ කියලා. අපේ රටේ පාලකයින් සහ නිලධාරීන් මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක මේ ආකාරයට තව කොච්චර දවස් සෙල්ලම් කරනවාද?

:       0       9

Dinesh Wednesday, 15 May 2024 07:18 AM

මහින්ද හොරා කියලා මහින්ද පිළිගත්තත් බයියෝ පිළිගන්නේ නෑ .ඒ වගේම තමයි දෝෂ තියනවා කියලා සමාගම පිළිගත්තත් ලංකාවේ උන් අවුලක් නෑ කියනවා

:       1       3

සමිත Wednesday, 15 May 2024 07:43 AM

එන්නත හදුන්වා දුන් සමාගම කියනවා එම එන්නතේ දෝෂ තියෙනවා කියලා. ඒත් මේ දොස්තර මහත්තෙයා කියනවා නැහැ කියලා. එන්නත ලබාගත් අපිටත් එන්නතේ විපාක ලෙසට සුව නොවන අසනීප තියෙනවා. රටේ සිදුවන දේවල් ගැන හරිම කණගාටුයි

:       0       6

Ruwan Wednesday, 15 May 2024 07:49 AM

මේ අප්පුහාමිල තාම හිතන් ඉන්නෙ ඉස්සරකාලෙ වගේ මිනිස්සු ඒ අය කියන දේ අහල පිළිඅරන් නිකන් ඉඳියි කියල .හැබැයි ලෝකේ ඕන තරම් ලේසියෙන් දැන් තොරතුරු හොයා ගන්න කියවන්න මිනිස්සුන්ට පුළුවන් .එන්නත නිපදවපු අයම දැන් පිළිගන්නවා ඒ නිසා සංකූලතා ඇති වෙන්නත් මරණ ඇති වෙන්න පුළුවන් බවත්.එන්නත් විශාල ප්‍රමාණයක් නැවත කැදවල තියෙනවා .එහෙම වෙද්දි මේ විදියට බලයේ තියෙන ආණ්ඩුවට මුක්කු ගහන්න ඕන නිසා තමන්ගේ වෘත්තීය ගරුත්වය කෙලෙසා ගනිමින් බේගල් ඇදබාන මේ වගේ තක්කඩියන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි .

:       0       4

sumudhu Wednesday, 15 May 2024 08:43 AM

ලෝකෙ හොඳම වෛද්‍ය විද්‍යාල සෞඛ්‍ය සේවාව කියල පම්පෝරි ගැහුවට කොරෝනා වලට කීම බෙහෙතක් හදා ගන්න බැරි උන අපෙ අය කරපු ලොකුම දේ තමා කොරෝනා ලංකාවට එන්නත් කලින් තමන්ගේ දීමනා වැඩි කර ගත්ත එක. ඊට පස්සෙ වෙන රටවල් වලින් හොයා ගත්ත බෙහෙත් ටික එනකන් සහ නේවි එකෙ කූලො ගිහින් ඉන්දියාවෙන් ඔක්සිජන් ටික ගේනකන් බලන් හිටපු එක. කරන්න පුලුවන් උන එක තමා වෙන රටවල් වලින් දුන්න බෙහෙත් කිසිම අවුලක් නෑ කියල පම්පොරි ගහල මිනිස්සුන්ට විද්ද එක. දැන් බෙහෙත හදපු සමාගමත් පිළි අරගෙන බෙහෙතෙ සංකූලතා කිතියෙනව කියල. අපෙ උන් කියනව නෑ කියල. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.

:       0       5

akalanka Wednesday, 15 May 2024 09:28 AM

ඔයාලා කියන දෙයක් තමා .කෙහෙලියත් ඕකමනේ කිව්වේ

:       0       5

සුරංග ලක්මාල් ගම්හේවාගේ Wednesday, 15 May 2024 09:33 AM

හරි මහත්තයෝ එතකොට සෙයිනෝෆාම් , ෆයිසර් , ස්පුට්නික් තවත් වර්ග කිහිපයක් වූූ අතර ඒවා ලබාගත් අයට ඇති වන සංකූලතා හා මින් මතු ඇති විය හැකි අතුරු ආබාධයන් සම්බන්ධ තොරතුරු මොනවාද ? ඒවා ගැන දන්නවාද ? සොයා බලා තිබේද ? අනික ඔයාලා සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන පහත් මිනිස්සු පේනවා නේද චන්ද්‍ර ගුප්තා සමන් රත්නායක කෙහෙළිය ලොක්කා එක්ක එකතු වෙලා ගහපු ගේම් රාජිතත් රාජිත ගෑණිත් ඒ දවස්වල කරේ ඕකම තමයි නැත්නම් හැමදාම රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලන්නේ අපිට හොදකටද මහත්තයෝ අපිට පව් ඒකයි කියන්න තියෙන්නේ

:       0       4

WICKY Wednesday, 15 May 2024 10:00 AM

මෙයාගේ මුහුනෙන්ම පේනනේ මෙයත් ඔය කියන එන්නත අරන් වගේ බයවෙලා ඉන්නේ

:       0       6

wedage Wednesday, 15 May 2024 12:42 PM

මේ වගේ ප්‍රකාශ නොකර ඉන්න බැරිද? ඔබගේ දොස්තරකම දෙන්න කුඩා ළමයෙකුට...

:       0       3

Priyantha Anuruddha (Saudi Arabia ) Wednesday, 15 May 2024 05:20 PM

බෙහෙත් හදපු කොම්පැනියම කියනවා ඒක අවුල් කියලා. අපේ අය කියනවා බය වෙන්න එපාලු. මිනිසුන්ගේ ජීවිත එක්කනේ මේ සෙල්ලම් කරන්නේ...!

:       0       2

Roshan Wednesday, 15 May 2024 09:07 PM

මුට කීයක් ලැබුනද දන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 9 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 131 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 135 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 372 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 414 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site