(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය
කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි කී ජයසුමන මහතා ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද පැවසුවේය .
මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය .
මේ අතර කොරෝනා එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි මහාචාර්යවරයා කීය .
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇස්ට්රාසෙනිකා නොලැබෙන හැඩ
Chris Thursday, 03 June 2021 09:28 AM
ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බහුතරයක්, එහි දෙවන මාත්‍රාව ලැබෙන තෙක් තවමත් බලා සිටී. නමුත් බලය සහ සවිය අතැති අයට එවැනි ප්‍රමාදයකට මුහුණදීමට සිදුව නැත.
Raveendra Thursday, 03 June 2021 10:41 AM
ඇයි මහාචාර්යතුමෝ.. අර බාස් පැණිය පොවලා වැඩේ ශේප් වෙන්න බැරිද? තව හාදයෙක් සාදික්කා අඹරන්න මැෂින් එකකුත් දුන්නා වගේ මතකයි... පින් සිද්ද වෙයි.. දැන්වත් මිනිස්සු ගොනාට අන්දවන එක නවත්තලා තමන්ගේ නොහැකියාව පිළිගන්න...
gamunu Thursday, 03 June 2021 10:57 AM
ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සියලු දෙනාට.., ඇස්ට්‍රාසෙනකා එන්නත දෙවන එන්නත චීන එන්නත හෝ රුසියන් එන්නත හෝ ලබා නොදෙන්න.
විපරමා Thursday, 03 June 2021 11:10 AM
නිසි කළමනාකරණයක් නැතිකම. මුට්ටි ගඟට දැම්මා. කාලිඅම්මාගේ පැණිය, රාවණා පැණිය පස්සේ ගියා මිසක් හරියට මොනවද කෙරුවේ...?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 12:12 PM
චීනාට ආවඩා ලෝකේ අනිත් රටවල් අමනාප කරගත්තා. දැන් මේ එන්නත විදගත් අපේ මිනිස්සුන්ට විදින්නේ කුමක්ද?
ප්‍රශාන් Thursday, 03 June 2021 12:26 PM
මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රජයයි. චන්න ජයසුමන සහ ලලිත් වීරතුංග, ඔබගේ නොහැකියාව ගැන තවත් තහවුරු කරන්න දෙයක් නැහැ. කරුණාකර ඉල්ලා අස්වෙන්න.
fairoos Thursday, 03 June 2021 01:15 PM
නිකන් දෙන්න කවුරුත් නැතිව ඇති.
vikum Thursday, 03 June 2021 02:00 PM
අපි දැනගෙන හිටියා සර්ලා දාන දූස්රා පන්දු වලට අපි අවුට් වෙනවා කියලා... සර් අපිට නම් පිරරටදී සෞඛ්‍ය අංශ කියලා තියෙන්නේ දෙවන එන්නත අනිවාර්යෙන්ම දින 45ක් ඇතුළත ගතයුතුයි කියලා... ඇයි ඔය විද්‍යාගාර පරීක්ෂණ වාර්තා ලංකාවේ විතරක් වෙනස් වෙන්නේ...? සර් දැන් ඉන්න රටක් නොවෙයි අපිට ඕනෑ සර්... යන්න රටක් තමයි ඕනෑ ...
වර්ණකුලසූරිය Thursday, 03 June 2021 02:15 PM
ධම්මික කපුවාගේ පැණිත්, රාජකීය වෛද්‍යවරයාගේ පැන් කලෙත් පස්සේ ගිය රාජ්‍ය පාලකයන්ගෙන් අපට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැත. මහාචාර්යවරයෙක්ට වඩා ගමේ සිල්ලර කඩ මුදලාලි කෙනෙක් අදාළ තනතුර දැරුවේ නම් ලක්ෂ 06ක ජනතාවට අවශේෂ මීයන්, ගෙම්බන් වීමට සිදුවෙන්නේ නැත. අද අපි දකින රාජ්‍ය නායකයා රාජ්‍ය පාලනයට ළදරුවෙකි. යමක් වගකීමෙන් සිදුනොවීම මේ ගැටළුවට හේතුවයි. දැන් පිට්ටනි සොයා නිදහසට කරුණු කීම උගතුන්ට තරම් නොවේ.
Demuni Uduwara Thursday, 03 June 2021 03:24 PM
පාලකයින් පෙළ නොගැසිය යුතුයි..!!!
Asanka Thursday, 03 June 2021 04:12 PM
මහාචාර්ය චන්න ජයසුමන මහත්තයෝ, ඔබලා දැන් මාස ගණනාවක ඉදලා ලෝකේ රටවල් ගණනාවකින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලට ගන්න සාකච්ඡා පවත්වනවා.. ඒ සාකච්ඡා කරපු එක රටකින්වත් ඔබලාට එක එන්නතක් වත් දුන්නේ නැහැ. හැබැයි ඒ හැම රටකම ඇස්ට්‍රාසෙනිකා වැඩිපුර ගබඩා කර තිබෙනවා. ඉතින් එච්චර වැඩිපුර ගබඩා කර තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලංකාවට දුන්නේ නැත්තේ ඇයි..? මේ සියලුම රටවල් අප සමග මේ මොහොතේ අමනාප වෙලාද ඉන්නේ? චන්න ජයසුමන මහත්තයෝ ඔබම හිතලා බලන්න ඒ ඇයි කියලා...
මනා Thursday, 03 June 2021 05:02 PM
එන්නත් භාවිතා නොකර ගොඩගසා ගෙන කොවැක්ස් වැඩසටහන විනාශ කර දැමූ මිනිස් ජීවිත ගැන නොතකා මානව හිමිකම් ගැන උපදෙස් දෙන සංවිධාන සහ රටවලට විරෝධය පළ කළ යුතුයි...
Tilan Thursday, 03 June 2021 08:17 PM
ඇස්ට්‍රාෙසනෙකා නොලැබෙන එක හොඳයි. යුරෝපයේ ගොඩක් දෙනෙක් අසනීප වුණා ඇස්ට්‍රාෙසනෙකා එකෙන්...
Nihal Thursday, 03 June 2021 08:22 PM
ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ.
Indhika Friday, 04 June 2021 03:02 AM
ජපානෙට කතා කරන්න. ජපානෙ ඇස්‍ට්‍රාසෙනිකා දෙන එක නැවැත්තුවා. සයිඩ් එෆෙක්ට්ස් එකක් නිසා. තියෙන එන්නත් වෙන රටවල් වලට බෙදනවා. අද එන්නත් ලක්ශ 12.5ක් තායිවාන් වලට යවනවා. තව එන්නත් මිලියන 120ක් ඕඩර් කරපුවා තියෙනවා.
sampath Friday, 04 June 2021 04:18 AM
දැන් ඉන්දියාවෙන් 15.00$ක් දෙන්නම් කීවා නේද? ඒක ගන්න බැරිද?
nalaka Friday, 04 June 2021 04:30 AM
දිලිත් ජයවීර ගෙන්නන්න පුළුවන් නම් ලියුමක් දෙන්න.
Pubudu Friday, 04 June 2021 04:08 PM
කලින් එන්නත් වෙන්කරගන්න ප්‍රමාද වීමේ මිල තමයි මේ ගෙවන්නේ.. දේශපාලකයින් එන්නත් දෙකම ගහගෙන මිනිස්සු මැරෙන්න දෙන එක හරිම වැරදියි. අපිත් ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුවට... නමුත් දැන් අපිත් එන්නත් නැතිව මර බයේ ඉන්නේ.. වටේම රෝගීන් සමහරු මැරෙනවා. හරිම කණගාටුයි.