IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඇස් අන්ධ කළ බේත ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නේය.

අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පසු රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල  රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසා තිබේ.

මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම  දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පවසා ඇත.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර  සෙනෙවිරත්න මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් රෝගීන්ට අදාල සංකූලතා ඇති ව තිබූ බව මූලික  පරීක්ෂණ වලින් හෙලිව තිබූ බවයි.

ඉකුත් අප්‍රේල් පස් වැනිදාට  පසු ව සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් පසු ඇස් වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙත  විෂ වීමෙන් ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් තිබූ බවද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට  සඳහන් කර තිබිණි.

අදාල සායනයෙන් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල්ගත කෙරුණු අතර ඉන් පසුව කළ ප්‍රතිකාර වලින් පසු ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයේ සඳහන්ය.

 

 



අදහස් (6)

ඇස් අන්ධ කළ බේත ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

aravinda Monarawila Monday, 15 May 2023 01:39 PM

ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වන තුරු අන්ධයින් වගේ ඉඳලා අසරණ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණාට පස්සේ වාර්තා ඉල්ලන්නේ එහෙම කරලා ආයෙත් පෙනීම ලබාදෙන්න පුළුවන් කියලා හිතාගෙන වෙන්න ඇති.

:       5       14

fairoos Monday, 15 May 2023 02:16 PM

සෞඛ්‍ය ඇමැති නිදි...

:       0       11

sweneMonday, 15 May 2023 07:34 PM

නිදි නෙවෙයි. වැඩ කරපු හැටි පෙනෙනවානේ...

:       0       5

Sunil Monday, 15 May 2023 02:26 PM

මේවා ආනයනය කිරීමට මුල්වූ අය නියත වශයෙන්ම දැනසිටියා මේ ගෙන්වන්නේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් කියලා. විශේෂයෙන්ම ඇස්වලට දැම්මාට. එයාට හිතුමනාපෙ ගසාකන්න ඉඩහැරලා දැන් තවත් කමකට නැති කොමිටියක් පත්කරනවා.

:       1       10

sunil Monday, 15 May 2023 07:38 PM

බලය තියෙන අයගෙන් රටටම බලපාන වැරැද්දක් වුණත් කොමිටි වාර්තා ඉල්ලන එක තමයි කරන්නේ... දඬුවමක් නැත. මතකයිනේ මහා බැංකු කොල්ලය...

:       2       4

swene Monday, 15 May 2023 10:16 PM

යහ පාලන සෞඛ්‍ය ඇමතිට හැම විටම දෝස් මුර දාපු GMOA ලොක්කෝ මේවාට නිහඬ ඇයි? එගොල්ලන්ටත් යමක් ලැබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 9 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 60 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 308 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 367 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 350 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 198 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site