IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇහැලේපොළ වලව්ව මාලිගාවට එපා නම් ආයෝජනයකට

(අංජුල මහික වීරරත්න)

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා  ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට  කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

 ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද  ඇමතිවරයා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය. 

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවෙි  මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක  මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි.

එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වලව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.

එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.



අදහස් (9)

ඇහැලේපොළ වලව්ව මාලිගාවට එපා නම් ආයෝජනයකට

ලුම්බිණි Thursday, 09 November 2023 10:39 AM

දළදා මාලිගාවත් ආයෝජන ව්‍යාපෘතියකට දෙන්න අදහස් කරලා නැද්ද?

:       7       32

Nimal Thursday, 09 November 2023 10:57 AM

කප්පමට තවත් කොමිස් කුට්ටියක් එන හැඩයි. මොවුන් පුළුවන් නම් අම්මා තාත්තත් විකුණයි සල්ලි හම්බ වෙනවා නම්...!

:       0       0

A prasanna Thursday, 09 November 2023 11:09 AM

ඕක අලුතෙන් හැදුවත් ඔච්චර යන එකක් නෑ. හරිම අප්‍රසන්නයි

:       1       20

C.K.Lankaputhra Thursday, 09 November 2023 11:09 AM

මොන් උප්පරවැට්ටියක් හරි ඇහැලේපොල වලව්වත් රජයට පවරාගෙන හෝටලයක් දාගන්න අතයට ගණුදෙනුවකින් හෙන්චචයියෙකුට දීලා දලදා මාලිගාව වටේ කුමරවරුන්ට කාර් රේස් පදිංට සහ කුමාරියන්ට හෙලුවැලි ඩාන්ස්වලට ඉඩ සලස්සන්ට. කොච්චර විසාල පුන්‍යකර්මයක්ද මේ වැඩේ.

:       5       20

mahesh Thursday, 09 November 2023 12:16 PM

මිලියන 147ක් වියදම් කරලා මොවුන් මොකක්ද කරලා තියෙන්නේ...? පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       0

ගමේ එකාලා Thursday, 09 November 2023 03:07 PM

කප්පම්කාරයා කාටද දන්නේ නැහැ එන්න හදන්නේ...?

:       0       4

chathurangaThursday, 09 November 2023 06:01 PM

වලව්ව හදලා එකේ පොට් එකක් දාන්නත් යෝජනා කලාලු.

:       0       5

chinthana Thursday, 09 November 2023 05:58 PM

මේ ව්‍යාපෘතිය බාර ලේකම්වරයෙක් කියනවා.. මේ කප්පම් බඩා මේ ව්‍යාපෘතියෙන් මදි නොකියන්න හොරාකාලාලු...!

:       0       5

Bamunuarachchi Friday, 10 November 2023 06:02 AM

කාටවත් නඩත්තු කරගන්න බැරි ගොඩනැගිලි දළදා මාලිගාවට පවරා බේරෙන්න හදන්න එපා දළදා මාලිගාවට‍ ඒවා නඩත්තු කරන්න පුළුවන් කමක්නැහැ හෝටලයක් කරන සංචාරක මණ්ඩලයට බදු දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 362 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 615 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 939 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1555 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 528 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 999 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site