(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක් ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ඕවර 40.3 කදී ලකුණු 215 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන් දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය සමත් විය.
රෂීඩ් ඛාන් (37/3) සහ මොහොමඩ් නබී (16/2) ජයග්‍රහණය දැවැන්ත කොටස්කරුවන් බවට පත්වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් රහමුනුල්ලා ගුර්බාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57 කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය.
ඇෆ්ගනිස්තානු පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 284 (රහමුනුල්ලා ගුර්බාෂ් 80, ඊබ්‍රහිම් ශද්‍රාන් 28, ඉක්‍රම් අලිකිල් 58, රෂීඩ් ඛාන් 23, මුජූබ් උර් රහමන් 28, අදිල් රෂීඩ් 42/3, මාක් වුඩ් 50/2) එංගලන්ත පිල ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 215 (ඩේවිඩ් මලන් 32, හැරී බෲක් 66, අදිල් රෂීඩ් 20, මාක් වුඩ් 18, මුජූබ් උර් රහමන් 51/3, රෂීඩ් ඛාන් 37/3, මොහොමඩ් නබී 16/2)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති