IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක්

(තිළිණි ද සිල්වා )

ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනෙකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

මීට පෙර එරට සිට ලාංකික ශ්‍රමිකයින් පිරිස 43 දෙනෙකු බව පැවසුනද , පවතින තත්ත්වය හමුවේ ලාංකික 93 දෙනකු මේවන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හමුවේ ලියාපදිංචි වී සිටින බවද තානාපතිවරයා සදහන් කළේය.

මෙම පිරිසෙන් 35 දෙනකු පමණ මේවන විට ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටින බවද පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබද ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙසේද පැවසීය.

''මුලින්ම අපට තහවුරු වූයේ ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු එරට රැඳී සිටින බවයි. එක්සත් ජාතීන් සංවිධානය හා ඒ හා සම්බන්ධ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන , වෙළඳ ආයතනයන්හී මෙම පිරිස් සේවය කරන බව තහවුරු වුවා.මුලින්ම ලංකාවේ අය 300 කට ආසන්න පිරිසක් එරට රැදි සිට තිබෙනවා.2020 දෙසැම්බර් වනවිට එම සංඛ්‍යාව 250 ක් වූ බවට තොරතුරු ලැබුනා.නමුත් පසුකාලීන ඇමෙරිකා කදවුරු ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමග ඒ ආශ්‍රතව කටයුතු බොහෝ ලාංකිකයින් නැවත ලංකාවට පැමිණී තිබෙනවා.

ඉකුත් 16 වැනිදා වනවිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි 43 දෙනා ගෙන් අට දෙනෙක් හවුල් පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ආරක්ෂිතව එරටින් ඉවත් කර ගැමට පවා හැකි වූවා.නමුත් පෙරේදා (19 ) වන විට ලාංකිකයින් 93 ක් ශ්‍රීලංකා තානාපති කාර්යාල හා ලියාපදිංචි වී තිබෙනවා.ඉන් බහුතරයක් දෙනා ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටිනවා.මේ පිරිස 35කට ආසන්න වෙනවා.තවත් ලාංකිකයින් 25 දෙනෙකු පමණ එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතන වල දිගට සේවය කරමින් ඒහි රැදී සිටීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට  දැනුම් දී තිබෙනවා.

මම තානාපති ධූරයේ මාස 9කට ආසන්න කාලයක් එක දිගට රාජකාරී සිදු කර විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව නිවාඩුවක් සදහා දිවයිනට පැමිණ සිටියදී මෙවැනි අනපේක්ෂිත තත්ත්වයක් එරට ඇති වුවා.එසේ වුවත් පැය විස හතර පුරා එක දිගට අපේ ලාංකිකයින් වෙනුවෙන් මම සේවය ලබා දෙමින් සිටින්නේ කිසිදු කාර්යාල සේවකයෙකුගේ සහාය නොමැතිවයි.

ලාංකිකයින් එරටින් මුදා ගැනීමේ කටයුතු රජයේ  , විදේශ අමාත්‍යාංශය , විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත  ඇ‍ෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කිරීමට ආරම්භ කරනු ලැබුවා.

ආරංචි ලැබෙන විදියට තලේබාන්වරුන් සියලුම රාජ්‍යතාන්ත්‍රිකයින්ට සුපුරුදු පරිදි රාජකාරී කරන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එරට තුළ පවතින තත්ත්වයන් අපි දිගින් දිගටම නිරීක්ෂණ කරමින් සිටිනවා සේම රජයේ අනුමැතිය යටතේ නැවත ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජකාරී කිරීමට මා බැදී සිටිනවා , එතෙක් ලංකාවේ සිටිය තානාපති ධූරයේ නීසි වගකීම ඉටු කිරීමට බැදී සිටින බවද ඇෆ්ඝනිස්ථානයේ ර්‍ශී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට වැඩිදුරටත් කියා සිටයේය.

 



අදහස් (5)

ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක්

WCA Saturday, 21 August 2021 05:36 AM

ඇෆ්ගන් තානාපති ඔක්කොටම ඉස්සෙල්ල රටෙන් පැනල දැන් කයිවාරු ගහනවා මෙච්චර ලංකාවේ මිනිස්සු ඉන්නවලු එහෙ හිරවෙලා. මෙහෙම උන් පොල්පිත්තෙන් උනත් කපාගන්න පුළුවන් .අඩුගානේ එහෙ ඉන්න අයව දැනුවත් කරන්න තිබ්බ.

:       0       1

මුණසිංහ Saturday, 21 August 2021 07:32 AM

ගැටළු සහගත තත්ත්වය ක්. නිෂ්චිත සංඛ්‍යා ලේඛන නොමැති වීම. ඒ අය හොරෙන් ගිහිල්ලා නම් හරි. නමුත් එසේ නොවෙයි නම් තානාපති නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව. රජය මේ වැරැදි වහාම නිවැරදි කරගත යුතුය. අනෙක් රටවලත් තත්ත්වය මෙයම විය හැකිය.

:       0       1

තානාපති සේවය Saturday, 21 August 2021 10:27 AM

මෙවැනි සංඛ්‍යා ලේඛන ගෙන හැර දක්වන ලංකා තානාපති සේවයක් තිබේ යැයි අසන්නට ලැබීමත් සතුටක්. ශ්‍රී ලංකා තානාපති සේවයන් ඒ තරම්ම ජනතා සේවයට අකමැති එහි සේවකයන්ට සතුටුවීමට අවස්ථාවක් ලබාදෙන ස්ථාන බවයි අප අත්දැක ඇත්තේ...

:       0       5

WCA Saturday, 21 August 2021 11:06 AM

කොච්චර හොඳ තානාපති සේවයක්ද කියනවා නම් රටේ අහිංසක මිනිස්සු බිල්ලට තියලා තානාපති රටෙන් පැන්නා. දැන් කියනවා අච්චර ඉන්නවා.., මෙච්චර ඉන්නවා කියලා..

:       1       7

Don Saturday, 21 August 2021 05:40 PM

ඕකට කියන්නේ නිවාඩු එනවා නෙමෙයි.. පැනලා දුවනවා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 620 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 177 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 266 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 353 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 14 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1020 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site