( තිළිණි ද සිල්වා )
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු ඉවත් කර ගැනීමට සහාය දෙන්නැයි මෙරට විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල්වලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී මෙම සහය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 46 දෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර ශ්‍රී ලාංකිකයන් තව විසි දෙනකු ආපසු පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.
මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බවත් , ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මූලික අවධානය,යොමු කරමින් අදාළ රටවල තානාපතිවරුන්ගෙන් මෙම ඉල්ලීම කළ බවද අමාත්‍යාංශය කියයි.
මේ අතර,තවත් ශ්‍රී ලාංකිකයන් විසි දෙනකු ඇෆ්ගනිස්ථානයේම තවදුරටත් රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දේ.
මේ අතර තලේබාන් සංවිධානය කිසිදු විදේශිකයකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට දිගටම ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි.
ඉස්ලාමීය සම්ප්රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැනු ළමයින්ට පාසල් යා හැකි බවට තලේබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරන බවත් ,එරට නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාව ආරක්ෂා කරන්නැයි ද ශ්‍රී ලංකා රජය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගන්න විදෙස් සහය පතයි
සේනක~ඉතාලිය Sunday, 22 August 2021 11:12 PM
මෙන්න තවත් එක ජවනිකාවක් වගේ. දැන් බඩඋඩින්ගේ කතාව ඉවරයි. අලුත් කතාවක් නිර්මාණය කරන්න හදනවා. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය කිසිම විදේශිකයෙකුට හිරිහැරයක් කරලා නැහැ...