IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඇෆ්ගන් පල්ලියක බෝම්බයක් පිපිරේ

ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්, 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 95 කි.

බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ සිකුරාදා (අද 8 වැනිදා) දේව මෙහෙය අතරතුරේය.  රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත්ය‍. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාරගනු ලැබ නොමැති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.‍

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් කියා සිටියේ ප්‍රහාරය සිදුවුණු තැනට විශේෂ කණ්ඩායමක් යැවූ බවත්, ඔවුන් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය‍.

එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්, ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇෆ්ගන් තලේබාන්වරුන් සහ එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. ත්‍රස්ත කල්ලි බොහොමයක සිටින්නේ ද සුන්නි මුස්ලිම් අන්තවාදීන්ය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා පිටවී යෑමෙන් සහ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මීට සති කීපයකට පෙර පළමු වරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියකටය. එහි වගකීම ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්තවාදීන් බාරගත්තේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇෆ්ගන් පල්ලියක බෝම්බයක් පිපිරේ

Bamunuarachchi Sunday, 10 October 2021 07:35 AM

ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ගහන්නේ ත්‍රස්තවාදීන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 612 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4350 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1667 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 680 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3886 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2907 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site