IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් කඩිනමින් බඳවා ගනියි

(අංජුල මහික වීරරත්න)

ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ දී පැවසීය.

හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද ඒ අතර තුර විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන්  අධ්‍යාපනය දෙන පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම තම අරමුණු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්විය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුන් ඇතුළු අමාත්‍යවරුන් 8 දෙනකුගෙන් මෙම කමිටුව සමන්විතය.

 



අදහස් (3)

ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් කඩිනමින් බඳවා ගනියි

චන්දන Tuesday, 12 March 2024 01:06 PM

දැනටමත් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු මග හිටලා....ඒ ගැන ඇමතිවත් දන්නෙ නැත්ද..

:       0       0

Laksiri Tuesday, 12 March 2024 01:26 PM

ජනාධිපතිතුමා ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කිව්වම පොත පමණක් කියලා දෙන සමහර ගුරුවරු ඉන්නවා සමහර අයට ඉංග්‍රීසියෙන් කතාකරන්න අමාරුයි කියලා හිතෙනවා. ඉතින් දරුවන්ට ඉංග්‍රීසියෙන් කතාකරන්න හැකියාව ඇතිකල හැකි ගුරුවරු ගන්නවා නම් වටිනවා .තවත් දෙයක් කියන්න ඕන සාමාන්‍යයෙන් පාසලේදී සාමාන්‍ය පෙළ විභාගයට නියමිත විෂයයන් කීපයක්(උදාහරණයක් හැටියට විද්‍යාව,ගණිතය වගේ) සෑම පාසලකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා

:       3       16

Ranjini Tuesday, 12 March 2024 06:14 PM

අහුවෙන්න එපා ,චන්ද ගුණ්ඩු !!! ෆොක්ස් වැගන් අමතක නැහැ නේද ? අලුත් ආණ්ඩුවක් පත්වුණ වහාම ඔය පත්වීම් අවලංගුයි !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 391 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 26 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 550 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 238 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 440 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 814 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site