IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉගිලෙන්න ගිහින් අඩි 50 ක් පහළට

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය සිට හැටන් දක්වා  ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදි අද (09) අලුයම 1.30ට පමණය.

අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව හෝ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරයි.

අනතුරෙන් තුවාල ලැබු රියදුරා මොටර් රථයේ අයිතිකරු බවත්, තුවාලකරු මිට ප්‍රථම මෙම මොටර් රථය බිමත්ව ධාවනය කිරිමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු වරද පිලිගත් නිසා චුදිතට රු 25000 දඩයක් නියම කර චුදිතගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට නුවරඑලිය අධිකරණයෙන් නියෝග කර ඇත.

තුවාලකරු රියදුරු බලපත්‍රය නොමැතිව මොටර් රථය ධාවනය කර ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.



අදහස් (2)

ඉගිලෙන්න ගිහින් අඩි 50 ක් පහළට

Karl Thursday, 09 December 2021 12:22 PM

මෙයා නම් මැරෙන්නම දඟලන කෙනෙක් වගේ...

:       0       2

Raveendra Thursday, 09 December 2021 01:24 PM

අපරාදේ....ලොතරැයි දිනුම ලගටම ඇවිත් අහකට ගියා වගේ.....

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 33 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 136 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 667 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 511 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1160 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site