(දිලීප් ජයසේකර)
හෝටලයක් ඉදිකිරිමට අසාධාරණ ලෙස ලබාගත් සිය ඉඩම යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල් ගම්මානයේ පදිංචි දරු පවුලක් දින 08ක් තිස්සේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.
මෙලෙස උපවාසයේ නිරතව ඇත්තේ ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල්ගම්මානයේ පදිංචිව සිටි 45 හැවිරිදි සුවදහැන්නදිගේ සරත් මහතා, ඔහුගේ බිරිද හා දරුවන් සිව් දෙනාය.
තමන් පදිංචිව සිටි ඉඩම ප්‍රාදේශීයසබා ජන්දයට ඉදිරිපත් වු අයෙකුට හෝටලයක් සෑදිමට දීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පසුගිය 24 දින සිට මෙම පිරිස අඛණ්ඩ උපවාසයේ නිරතව සිටිති.
උපවාසයේ නිරත සිව් දරු පියෙකු වන 45 හැවිරිදි සුවදහැන්නදිගේ සරත් මහතා පවසන්නේ තමන් වසර 28ක් පදිංචිව සිටි මෙම ඉඩම නිළධාරීන් හා එකතුවී ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ වුමනාවට හෝටලයක් ගැසිමට තමන්ව ඉඩමෙන් ඉවත් කළ බවයි.
මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් එල්.අයි.වික්‍රමනායක මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය.
මොහු රජයේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඉදලා නිසා හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඔහුට විරුද්ධව 2007දී නඩු පවරලා තියෙනවා.ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමයි 2020 ජනවාරි මාසේ මේ අය ඉඩමෙන් ඉවත් කලේ නඩුවට අදාලව. මේ වන විට මේ ඉඩම සදහා ව්‍යාපෘති 03කට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් සදහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අවසර ලැබිලා තියෙනවා.මේ ස්ථානයේ හෝටලයක් හදන්න කියලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ යැයි පැවසිය.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩමක අයිතිය ඉල්ලා පවුලක් පාරට බසිති
රාජුන් Monday, 31 August 2020 09:50 AM
සාමාන්‍ය සිරිත නම් දේපල දැනටමත් සෑහෙන කාලයක් සිටි අයට පළමුවෙන් අවසථාවක් දීමයි. ඒක නීතිවිරෝධිව සිටියාද යන්න අදාල නොවේ. මා දන්නා පරිදි අවුරුදු 20 කට වඩා පදිංචිව සිටි නිවසෙන් ඉවත් කළ නොහැකියි.
අනුර Monday, 31 August 2020 03:48 PM
අතිශයින්ම කණගාටුදායක පුවතකි. මෙම අසරණ පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටුවේවායි පතමි. මෙතෙක් ඡීවත් වු නිවසින් එකවිටම එළියට දැමීම අතිශයින්ම අමානුෂික ක්‍රියාවලියකි. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් හට කඩිනම් විසඳුමකට එළඹ යහපතක්ම වේවායි හදවතින්ම පතමි!