IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන්  ඉඩම්    බදුගත්  401 දෙනෙකුගෙන්  රුපියල් 1,180, 434,743 ක හිග  බදු   මුදලක් රජයට   අයවිය යුතුව ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

මෙම බදුකරුවන්ගෙන්     116 දෙනෙකුට  පමණක්  ගිවිසුම් මත ඉඩම් බදුදී    ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින්  රුපියල්   904,486,633 ක හිග  බදු ප්‍රමාණයක් අයවිය යුතු  බදු කරුවන්  285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ  නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ  සඳහන් වේ.

සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම්  නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන්   හිග බදු මුදල් අයකර ගැනීම සඳහා  නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

 බදු දී ඇති ඉඩම් වෙනුවෙන්  නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට  කටයුතු කළ යුතු බවට   විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.

මේ හිග  බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන  246 ක් බවත් ඉතිරි  පිරිසෙන් වාරික හා වාර්ෂික  පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත. 

 

 



අදහස් (0)

ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු
2025 ජනවාරි මස 09 306 0

හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 616 0

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්
2025 ජනවාරි මස 09 383 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ
2025 ජනවාරි මස 09 9 0

මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්


කාන්තවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා
2025 ජනවාරි මස 09 275 0

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ


වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න
2025 ජනවාරි මස 09 1445 0

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 60 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 495 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 262 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site