IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඉඩම් ආරවුලට අයෙක් මැරුවැයි හතරක් පෝරකයට

(එම් සුසිල් පියන්ත)

ඉඩම් ආරඅවුලක් හේතූවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ විත්තිකරුවන් සිව් දෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද මරණ දණ්ඩණය නියම කළේය.

මීට වසර 21කට පෙර අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේ විත්තිකරුවන් මෙම අපරාධය කළ බව පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන් සිව්දෙනෙකුට මරණ දඬුවම් නියම කළ විනිසුරුවරයා සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර නැතැයි සඳහන් කරමින් මෙම චෝදනාවම ලැබ සිටි සෙසු විත්තිකරුවන් 08 දෙනකු නිදොස් කොට නිදහස් කළේය.

සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙසේ මරණ දඩුවම නියම කෙරුණේ අමුහොඩ ලකංගංගොඩවත්ත පදිංචි හික්කඩුවගේ නිහාල් රංජිත් හොඩැල්ල පාර මුල්ලේරියාව පදිංචි දිසානායක අප්පුහාමුලාගේ සුගත් කුමාර දිසානායක මුල්ලේරියාව වෙන්නවත්ත පදිංචි කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර හා අමුගොඩ කංගංගොඩවත්තල පදිංචි කදිරප්පුලි ගේවගේ ශාන්ත නමැත්තන්ටය.

නඩුවට පෙනී නොසිට අධිකරණය මගහැර පලා ගොස් සිටින කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරම්න් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වහාම ඔහු අත්අඩංගුවට ගෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට නියම කළේය.

2002 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේදී අමුගොඩලඅලුත්ගෙදර වත්ත පදිංචි කලුපහේ ගාමිණී නිහාල් නමැත්තා ඝාතනය කර අමුගොඩල අලුත්ගෙදර වත්ත පදිංචි කලුපහේ ගාමිණී නමැත්තා ගේ අතක් කපා වෙන් කර බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

 



අදහස් (1)

ඉඩම් ආරවුලට අයෙක් මැරුවැයි හතරක් පෝරකයට

Bamunuarachchi Wednesday, 22 November 2023 11:55 PM

මරණකරුට නැවත ඉපදිලා මොවුන් හතර දෙනා මරන්න කාලේ ලැබෙනතුරු අවුරුදු 20ක්‌ ඇසුවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 224 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 465 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 37 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1031 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2133 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2089 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39504 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25736 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1180 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site