IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉඩම් ආරවුලෙන් අයිය මලෝ රෝහලේ

(ගයාන් සූරියආරච්චි)

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඊයේ (8) ඇතිවූ බහින්බස්වීමකදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු විසින් කඩුවකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් එල්ල කළ කඩුපහරින් එක් සහෝදරයකුගේ අතෙහි ඇඟිලි තුනකට සැත්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මාස කීපයක් සිට ඉදිකිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ අතර ඊයේ (8) නැවත දෙපිරිස අතර ආරවුලක් හටගෙන තිබුණි. එහිදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් විසින් පැමිණිකාර පාර්ශවයේ සහෝදරයන් දෙදෙනකුට කඩුවකින් සහ පොල්ලකින් පහරදී තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

හික්කඩුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර පාර්ශවයේ මව, පියා සහ පුතාද බලපිටිය රෝහලට ඇතුළත්වී ඇති බව පොලිසිය කියයි.

කඩුවෙන් කොටා පහරදුන් බව කියන තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී. තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ඉඩම් ආරවුලෙන් අයිය මලෝ රෝහලේ

ඔබේ අදහස් එවන්න

දියත

වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 145 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 100 0

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 251 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 865 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 616 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 561 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site