IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන්  ඉඩම්    බදුගත්  401 දෙනෙකුගෙන්  රුපියල් 1,180, 434,743 ක හිග  බදු   මුදලක් රජයට   අයවිය යුතුව ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

මෙම බදුකරුවන්ගෙන්     116 දෙනෙකුට  පමණක්  ගිවිසුම් මත ඉඩම් බදුදී    ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින්  රුපියල්   904,486,633 ක හිග  බදු ප්‍රමාණයක් අයවිය යුතු  බදු කරුවන්  285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ  නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ  සඳහන් වේ.

සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම්  නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන්   හිග බදු මුදල් අයකර ගැනීම සඳහා  නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

 බදු දී ඇති ඉඩම් වෙනුවෙන්  නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට  කටයුතු කළ යුතු බවට   විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.

මේ හිග  බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන  246 ක් බවත් ඉතිරි  පිරිසෙන් වාරික හා වාර්ෂික  පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත. 

 

 



අදහස් (1)

ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

Lasith Friday, 10 January 2025 10:31 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
2025 අප්‍රේල් මස 30 324 0

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද



ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 233 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 943 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 210 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 302 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 191 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 56 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1083 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site