( නිශාන්ත කුමාර)
බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ අපහසුතාවට ලක්ව සිටිති.
මේ ගැටළුවට මුහුණ දී ඇති තල්දෙන 11 කණුව, කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා ඒ අවට ගම් ගම්මානවල ජනතාවට බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යාය වෙත පැමිණීමට සිදුව ඇත්තේ බදුලුඔයේ ඉණවටක් ගිලෙමිනි.
තල්දෙණ ගම්මානයේ පුද්ගලයෙකු මිය යාමෙන් පසුව ඔහුගේ සිරුර මිහිදන් කිරීම සඳහා ඊයේ (18) ප්‍රදේශයේ ජනතාවට එම මළ සිරුර ගඟෙන් මෙගොඩ පිහිටි මාලිගාතැන්න සුසාන භූමිය වෙත රැගෙන යාමට සිදු වූයේ ද ඒ අයුරින්මය.
බදුලුඔය හරහා එහා මෙහා යාමට පාලමක් ඉදිකරදෙන ලෙස ලෙස වසර ගණනාවක සිට ඉල්ලීම් කළද එය මේ වන විටත් මුල් ගලකට සීමා වී ඇතැයි ද ප්‍රදේශයේ ජනතාව පවසති.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි
Raveendra Friday, 18 January 2019 08:11 AM
මෙන්න සංවර්ධනය ගැන, අවංකකම් ගැන උඩු බුරන 225ක් වූ සත්ව රෑනට කරනවා නම් වැඩ.. " දියවන්නා ඔයේ සියලුම සතුන්ට " මෙය කියවීමට හැකි වේවා...!!!
dias Friday, 18 January 2019 10:13 AM
අපේ මන්ත්රීලාට මේවා ප්‍රශ්න නොවේ. මොකද, ඒ අය පාවෙන්නේ බි.එම්.ඩබ්ලිව්., ලෑන්ඩ්කෘෘසර්, බෙන්ස්වලනේ...
Hafeel Friday, 18 January 2019 04:22 PM
හරින්, ඩිලාන්, නිමල් සිරිපාල, ශෂින්ද්‍ර, සමන්තලා නියෝජන කරන දිස්ත්‍රික්කය. විශේෂයන්ම හරින්, ඩිලාන්ලා කට ඇරියොත්, ඔවුන් තරම් වැඩකාරයෝ නැහැ. ගම්පෙරලිය කියමින් නාම පුවරු දාගෙන පම්බෝරි ගහන අයට, මේවා පේන්නේ නැද්ද?
chandima Friday, 18 January 2019 05:33 PM
මේ මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නැහැනේ. අරහේ අධිවේගී මාර්ග හදලා තියෙනවා. කතරගම පැත්තෙන් යනවා නම් රේල්පාරකුත් හදලා තියෙනවා. ලඟදි උඩින් දුවන කෝච්චි පාරකුත් හදන්න යනවා.. මිලියන් ගාණක් ණයට අරගෙන. ප්ලේන් එකේ ගෙනියනවා නම් මත්තලත් එකක් හදලා තියෙනවා. එව්වගේ අරගෙන යන්නකෝ මේ දොලපාරවල් හරහා අරගෙන යන්නේ නැතුව?
Perera Friday, 18 January 2019 09:05 PM
මුහුදක් ගොඩකරලා නගර හදන රටේ ගම්මානවලට ගඟකින් එගොඩවෙලා යන්න තවම පාලමක් පාරක් නැහැ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ මේවට අර පාර්ලිමෙන්තුවයි කියන තැන ඉන්න 225 දෙනා ඕන වග කියන්න. හරකුන්ටයි මීහරකුන්ටයි නරින්ටයි ඡන්දෙ දෙන්න එපා බුද්ධිමත් ලක් වැසියනේ!!!!!
ranjith Saturday, 19 January 2019 02:19 AM
ව්‍යවස්ථා අරක මේක කියල ජනතාව ගොනාට අන්දනවා. මේ දෙගොල්ලොම ජනතාවගේ ප්‍රශන මේ අය දන්නේ නෑ.
gunarathna Saturday, 19 January 2019 04:23 AM
JVP එක හදන්නේ මෙන්න මේ තියෙන එකාට තියෙන එක සහ නැති එකාට නැතිඑක නැතිකරලා දාන්ටයි. නමුත් කරගන්ට බැරිවෙලා තියෙන්නේ... මේ සේරම කරන්නේ ධනපති පක්ෂවලට කඩේ ගිහිල්ලා මුන්ට රජසැප ගන්ට හදන එකනේ. කවදාවත් දේශපාලකයන්ගෙන් මේවට උත්තර ගන්ට බැහැ.
ප්‍රදීප් Saturday, 19 January 2019 06:06 PM
ලක්ෂ 400 ක විතර වාහනයක්, දීමනා ගැන හිතන දේශපාලකයෝ ඔය පැත්තෙත් ඉන්නවා නේද? කටවල් විතරයි. මිනිස්සු වතුරේ බැහැලා තාමත් එගොඩ වෙන්නේ.