(විනීතා එම් ගමගේ)
බුදු දහම විකෘති කරන අවස්ථාවල දී සහ ඉතිහාසය හෝ පුරාවිද්‍යා ස්ථානයන් පිළිබඳ වැරදි අර්ථකතන දෙන අවස්ථාවන් හිදී ඒවා නිවැරදි කිරීම් ඇතුළු කටයුතු සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කළහ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස්වන බෞද්ධ උපදේශක සභා රැස්වීමේ දී අභයතිස්ස හිමියෝ මෙම යෝජනාව සිදු කරනු ලැබූහ.
ජාතික උරුම හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත පිරිසක් මෙම කමිටුව සඳහා පත් කරන ලෙසත් එකී කමිටුව සඳහා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලෙසත් මැදගොඩ අභයතිස්ස හිමියෝ රජයට යෝජනා කළහ.
බුදුදහම විකෘති කරන අවස්ථාවන්හිදී මෙන්ම ඉතිහාසය හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ වැරදි මත පළ කරන අවස්ථාවන් හිදී ගත යුතු ක්‍රියාමාර්ග එම කමිටුව පත් කළ පසු තීරණය කරනු ඇතැයි තම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අභයතිස්ස හිමියෝ පැවැසූහ.
ඓතිහාසිකත්වය නිවැරදිව අර්ථකථනය කළ යුතු බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ඇතැයි කී උන්වහන්සේ හිරිවඩුන්න ප්‍රදේශය පිළිබඳව ඇති මිත්‍යාව ඉන් එකක් බවත් මේ වනවිට එහි කැණීම් ආරම්භ කර ඇති බැවින් ඉදිරියේ දී සත්‍යය හෙළි කරගත හැකි වන බවත් සඳහන් කළහ.
එමෙන්ම අන්‍යාගමිකයන් අල්ලාගෙන සිටින ස්ථාන පිළිබඳව කටයුතු කිරීමේ දීද මෙවැනි කමිටුවක අවශ්‍යතාවය තදින් දැනෙන්නේ යැයි පැවසූ මැදගොඩ නාහිමියෝ ජනාධිපතිතුමන් ඉක්මණින්ම ඒ ගැන යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බව ද කියා සිටියහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතිහාසය නිවැරදි කරන්න විද්වත් කමිටුවක් ඕනෑ
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 February 2021 08:27 AM
බුදුහිමියන් අලුයම ඉවතලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ රජකම හා රාජ්‍ය පාලනය ගැන ආද අමතක සමහර දෙනා උතුම් වූ බුද්ධ චීවරය දමාගෙන පක්ෂ දේශපාලනයේ නිරතවෙමින් හා දේශපාලකයන් වන්දනා මානයේ යෙදීමද නවත්වා දැමීමට හා එසේ කරනු ලබන ඇතැම් චීවරධාරීන් ශාසනයෙන් නෙරපා දැමීමටද, කාලය පැමිණ ඇත. බුදුන් වැඩි කැලණිය විහාරය යොදාගෙන නාගයින්ගේ පැමිණීම නැමැති බොරුව, ජනපතිට හිට්ලර් කෙනෙකු සේ ප්‍රසිද්ධියේ ඉල්ලීම වැනි දේ ගැනද වෙන වෙනම සොයා බැලිය යුතුය.
janabala asamagiThursday, 18 February 2021 09:02 AM
ජනබලයේ ඉල්ලීම සමග අවධානය යොමුවේවා. ඡන්දය ලබාදෙත්වා. බඩුමිල අඩුවේවා. සිරිකොතේ කෝවිඩ් එන්නත පහළ වේවා...
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 18 February 2021 09:35 AM
ඔබගේ මතයට වැදුණු නිසා ඔබ වලිගය පාගා ගත්තද, මා සිරිකොත හෝ කිසිඳු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නෙකු නොවේ. මා පැවසුවේ නිර්මල බුදුදහමට ඇතැම් දුසිල්වත් චීවරධාරින්ගෙන් සිදුවන ගැහැට ගැනද ක්‍රියාකළ යුතු බවයි. සත්‍ය නොවැටහෙන ඔබ එයට බොළඳ දේශපාලන මතයක් එකතු කිරීමට වෙර වඩා ඇත. මා මෙහිදී අදහස් කලේ පොදුවේ බුදුදහම වනසන සියලු දුසිල්වත් චීවරධාරීන් ගැනය. නිල්,කොළ,රතු හෝ වෙනත් පක්ෂයක් ගැන මා වෙනම පවසා නැත. මා කීවේ පොදු සත්‍යයයි.
විජිත් Thursday, 18 February 2021 12:09 PM
සමිත, මමත් ඔබගේ මතයේමයි ඉන්නේ...
MangalaThursday, 18 February 2021 01:21 PM
අතීතයේ සිටම සංඝයා වහන්සේලා රජවරුන්ට අවවාද අනුසාශනා කළා. සතුරාට එරෙහිව හාමුදුරුවරු සිවුරු හැර යුද හමුදාවට බැඳුණා. බුදුහාමුදුරුවොත් කොසොල් රජතුමාට අනුශාසනා කළා. දෙවරක් බුදුරජාණන් වහන්සේගේ නෑයින්ව යුදබියෙන් බේරාගත්තා. මේ රටේ ඉන්න හාමුදුරුවරු රහත් වෙලා නැහැ. මේ රටේ ඉතිහාසය දන්න කෙනෙක් නම් ඔහොම කියන්නේ නැහැ. රට, ජාතිය, ආගම කියන්නේ කට කහනවට නෙවෙයි.
amalThursday, 18 February 2021 02:12 PM
බුද්ධ පුත්‍රයින්ගේ ඒකායන අදිටන සසරින් එතෙරවීම මිස දේශපාලනයට සහායවීම නොවේ. මේ බව බුදුන් වහන්සේ පැහැදිලි කරදී තිබුණා. හාමුදුරුවන්ට යුද්දෙට යන්න ඕනෑ නම් සිවුර ගලවලා උපැවිදි වෙලා ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ රටේ ඉන්න වැඩිහරියක් හාමුදුරුවරු කරන්නේ දේශපාලකයින්ට මුට්ටි ඇල්ලීම පමණයි.
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 18 February 2021 04:14 PM
අතීතයේ සිටි සිල්වත් භික්ෂූන් වහන්සේ රජවරුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම හා වර්තමානයේ දේශපාලකයා වන්දනාමාන කොට රට හා ශාසනය වනසා තාන්න මාන්න ලාභ සත්කාර ලබනා චීවරධාරීන් හා බුදුදහමට පිටුපා පාර්ලිමේන්තු ගිය දෙනා හොඳයි කියලද කියන්නේ...? සිල්වත් භික්ෂූන් වහන්සේලා අප නමස්කාර පූර්වකව වන්දනාමාන කරනවා. උන්වහන්සේලා මැදුම් පිළිවෙත අනුව නිවන් සුවය වෙනුවෙන් කැපවී සිටිනවා. දුසිල්වතුන් දේශපාලකයාගේ කීකරු ගෝලයන් වී, ජනයා රවටමින් කාමසුකල්ලිකානු යෝගයෙන් නිවන් යාමේ අලුත් ක්‍රමයක් සොයනවා. ඒ අය කියන්නේ අපටත් ඒවා පිළිගන්න කියලයි.
ලුම්බිණි Thursday, 18 February 2021 08:56 AM
බුදුදහම වැඩිපුරම විකෘති කරන්නේ අපේ හාමුදුරුවරු නේද?
විජිත් Thursday, 18 February 2021 11:48 AM
.." බුදු දහම විකෘති කරන අවස්ථාවන් ..". නොවෙයි, මුළු බුදුදහමම වෙනස් කරලා තියෙන්නේ මේ රටේ සිටින, බුද්ධ පුත්‍රයන් නොවන නමුත් කහ ඇඳගත් පිරිසයි. (මේ රටේ සිටින ඉතාම අතලොස්සක්වන සුපේක්ශාකාමී සිල්වත් ස්වාමීන් වහන්සේලාට මෙයින් අගෞරවයක් නොවේවා...!!!) දේශපාලකයන්ට මුට්ටි අල්ලන, පස් පව් මදි නොකියන්න කරන, හොර දේශපාලුවන්ගෙන් වරදාන ලබා, රටේ මිනිසුන් මුලාකරන, සුපර් මාර්කට් රන් කරන, කහ ඇඳගත් මිත්යාදෘෂ්ටිකයින් මේ උතුම් වූ බුදුන්ගේ ශාසනයෙන් යැවීමට නම් " ධම්ම සංගායනාවක් " පැවැත්විය යුතුයි. එවිට සත්‍ය වශයෙන්ම සිල්වත් ස්වාමීන් වහන්සේලා පමණක් ශාසනයේ ඉතිරිව බහුතරයක් වූ දුෂිතයින් ගසා පන්නා දැමිය හැක. මේ රටේ සිටින කිසිම දේශපාලුවෙක් මීට කැමැති නැත. ඒ ඇයි කියා සමහර විට ඔබ දන්නවා ඇති... දූෂිත හොර මිනීමරු දේශපාලුවන්ගේ සියලුම දොස් වසා රටේ මිනිසුන් රැවටීමට යොදාගන්නා සත්ව කොට්ඨාශයක් ලෙස මේ බමුණන්ව උපයෝගී කරගන්නා නිසයි. ඒ නිසා මේ රටේ සත්‍යම බුදුදහම අරක්ෂා කරගන්න යමෙකුට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම " ධම්ම සංගායනාවක් "පැවැත්විය යුතුමයි.
sunari Thursday, 18 February 2021 03:12 PM
මම මේ කවුද බැලුවා. මේ අපේ නුගේගොඩ, සුපර්මාකට් එකේ මුදලාලිනේ.... අද මාළු ලාබයි.