IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කර සිටිමින් සිටියදී කුරුඳුවත්ත පොලිසිය මගින්  අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ යාගොඩ මුල්ලේ පදිංචි ඒ. ටිරාන් තුෂාන් කවිරත්න(54) නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනය වන අයුරින් අන්තවාදී ක්‍රියාවන් සිදු කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සැකකරු විසින් එක්රැස් කළේ යැයි කියන  තොරතුරු පොතක් සහ ඡායාරූප සාක්ෂි ලේඛන ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත්  කරමින් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට ඇති එයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඇත .

සැකකරු කිසියම් ත්‍රස්ත සංවිධානයක් හා සම්බන්ධව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවද සඳහන් කළේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද සැකකරු ලබන 11 වැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද නියෝග කළේය.



අදහස් (0)

ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

’ගංවතුර විපතට’ පෝට් සිටියෙන් මිලියන තුනක්
2024 ඔක්තෝබර් මස 28 224 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක්


රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි
2024 ඔක්තෝබර් මස 28 436 0

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගම


ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි
2024 ඔක්තෝබර් මස 28 707 0

සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කු


අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න
2024 ඔක්තෝබර් මස 28 786 3

ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික


ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 28 315 0

දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩං


පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා
2024 ඔක්තෝබර් මස 28 781 0

පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසික


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 598 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site