(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ දහයකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා එම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ ශිල්පීන් පන් දහසකට ආසන්න පිරිසක් විදේශගතව ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා මෙරට ක්‍රියාත්මක වූ ඉදිකිරීම් සමාගම්වලින් සියයට හැත්තෑවක්ද සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.
මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන කරන සියලු රාජ්‍ය ව්‍යාපෘති මෙන්මආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව යනාදි විදේශීය ණය දෙන ආයතනවල මුදල් මගින් කෙරුණු ව්‍යාපෘති බොහොමයක්ද
මූල්‍යමය අර්බුදය හේතුවෙන් නතර වී ඇතැයි ඔහු පැවසූවේය.
මේ අතර අධික භාණ්ඩ මිල හේතුවෙන් කොළඹ නගරයේ මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් බොහොමයක්ද නතරවී ඇතැයි පැවසූ ඩැරින්ටන් පෝල් මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා අහිමිවී ඇති සෘජු රැකියා සංඛ්‍යාව ලක්ෂ පහක් පමණ වන බවද පෙන්වා දුන්නේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැති වූ පිරිසට ගිණුම් ලිපිකරුවන් ගබඩා බාරකරුවන්, පෙදරේරුවන්, අත් උදව්කරුවන් සහ ජේ.සී.බී ක්‍රියාකරුවන් ඇතුළු පිරිස්ද ඇතුළත් වන බව ඔහු කීවේය.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙවිය යුතු බදු සම්බන්ධයෙන්ද අර්බුදයක් පවතින බව පැවසූ සභාපතිවරයා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඒ බදු රජය තවම ගෙවා නැතැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කොන්ත්‍රාත් කරුවන් සමග සාකච්ඡා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉදිකිරීම් අංශයේ ලක්ෂ දහයකට රැකියා නැතිවෙලා
Sunil Thursday, 04 May 2023 06:04 PM
රට කරවපු අය නොසෑහෙන්න විදෙස් ණය අරගෙන, එයිනුත් මහා පරිමාණයෙන් ගසා කමින් වංචාකාරී ක්‍රියාවල ප්‍රතිඵල තමයි මේ...