(ඩයනා උදයංගනී)
ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ වෙනුවට තනා නිම කර භාරදීමේ ක්‍රමය, ව්‍යවසායකයන් සහ රජය අතර එකඟතාවකින් කටයුතු කිරීම හා විදේශ ආයෝජන ආදී ක්‍රමවේද අනුව පමණක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ණය බර ඉහළයාම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇමති රඹුක්වැල්ල මහතා කීවේය.
යහපාලන රජය 2015 වසරේ බලයට පත්වන විට ට්‍රිලියන 7.43 ක් වූ ණය බර යහපාලන රජය සමයේතව ට්‍රිලියන 5 1/2කින් ඉහළ ගොස් දළ දේශීය නිෂ්පාදිතයෙන් 87% වූ බව කී ඇමතිවරයා වර්තමාන අයවැයෙන් එය සියයට 92 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කීවේය.
තවත් ණය ලබා ගතහොත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇතැයි කී රඹුක්වැල්ල මහතා ජේ.ආර් ජයවර්ධන යුගයේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ තිබූ එම තත්ත්වයට යළිත් නොයා යුතු බව ද සඳහන් කළේය.
දේශීය නිෂ්පාදනයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය බදු සහන, බදු ඉහළ නැංවීම් ආදී සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ඉදිරියේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’
MISHAL-MATARA Tuesday, 01 December 2020 12:14 PM
මල්ලී කිව්වයි කියලා ලියාගන්න. නැත්නම් අමතක වෙයි.. අපි නොදන්නා ලංකාව...
sugath Tuesday, 01 December 2020 12:16 PM
යහපාලන රජය අවසානයේ 87%ක් වුණු ණය දැන් 92%ක් වෙලා. ඒ කියන්නේ මේ ගොල්ලෝ එක අවුරුද්දකින් ණය කන්ද 5%කින් වැඩි කරලා. බලාගෙන ගියාම ඔක්කොමලා එකයි.
NuwanTuesday, 01 December 2020 01:13 PM
කියමනක් තියෙනවා අහලා නැද්ද? "සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ" කියන එක...?
fairoosTuesday, 01 December 2020 01:31 PM
සුගත් දැන්ද ඒක දන්නේ? දේශපාලකයන්ට ජාතිවාදය විතරයි වෙනස...
sampathWednesday, 02 December 2020 03:37 AM
ණය වාරික හා පොලිය එකතු වුනාම කොහොමත් වෑඩි වෙනවා
සිදත් Tuesday, 01 December 2020 01:02 PM
මම හිතන්නෙ ෂුවර් එකටම ණය ගන්නේ නැතුව ඩේසි ආච්චිගෙ මැණික් විකුණලා සල්ලි හොයාගන්න වෙන්න ඇති සර්ලා හිතන් ඉන්නේ. සර් පාස් වෙන එක ගැන අපිට නම් ඉරහඳ වගේ විශ්වාසයි.
senaWednesday, 02 December 2020 04:51 AM
හුඟ දෙනෙකුට කතන්දරේ තේරිලා නැහැ. ණය වෙනුවට කරන්න යන විකල්ප කොන්ත්‍රාත් ක්‍රමවලින් චීන්නු හැදූ දේවල්... ඔවුන්මයි ඔපරේට් කරන්නේ... චීන්නු අපේ රටේ යටිතල පහසුකම් හදලා ඒ අයම ඒවා ඔපරේට් කරනවා අවුරුදු 25-50 වගේ කාලවලට අපි ඔවුන් නියම කරන කුලිය ගෙවනවා. ඔය විදිහට අපේ රටේ සියලු මර්මස්ථාන වල පාලනය චීනාට යවන්න. නැතුව මෙයාලාට ණය බර අඩුකරගන්නකුලිය ගෙවනවා. ඔය විදිහට අපේ රටේ සියලු මර්මස්ථානවල පාලනය චීනාට යනවා. නැතිව මෙයාලාට ණය බර අඩුකර ගන්න දැනුමක් හෝ වුවමනාවක් නැහැ.
sadun Tuesday, 01 December 2020 01:14 PM
සල්ලි අච්චු ගැහුවාම හරි... 5000 නෝට්ටු ගැහුවම ලේසියි.
rojer Tuesday, 01 December 2020 01:15 PM
ඕස්ට්‍රේලියාවේ බැල්කනියේ ඉඳන් වෙන්න ඇති කියන්නේ...
sumith Tuesday, 01 December 2020 01:42 PM
කංසා වගාවත් ගෙවතු වගාවක් විදිහට කරන්න කියාවිද දන්නේ නැහැ.
Perera Tuesday, 01 December 2020 01:52 PM
ණය ගන්නෙ නැත්තේ ඉල්ලුවත් කවුරුත් ණයට දෙන්නේ නැති නිසා. CCC රේටින් තියන රටකට ණයට දෙන්න ණය දෙන ආයතනයට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ...
නන්නාදුනන හාදයා Tuesday, 01 December 2020 02:17 PM
කවුද ණය දෙන්නේ...? ඇත්ත එකයි. දුන් ණය අාපහු ගන්න බැරි හිඟන රටක් ලෙස අපේ රට නම් කරලා ඉවරයි. අපේ රටේ දේපොළ හොරාකාපු දේශපාලුවන්ට ශාපවේවා. ඔවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් ශාප වේවා..!!!
NuwanTuesday, 01 December 2020 03:06 PM
පොඩ්ඩක් ඉන්න 2050 දී නිර්වාන් කුමාරයා රජ වෙනවා. ඒ කුමාරයා රට එක් සේසත් කරලා කුමාරයාගේ සීයා වගේ ණයබරින් රට බේරාගෙන, කෘෂිකර්මයෙන් රට පෝෂිත කරලා ලෝකේ අංක එකේ රට කරනවා. හැබැයි ඒ කුමාරයාට කළින් නයන්නෙන් එන කුමාරයා රජ වෙනවා එතුමා කරන වැඩ කිව්වට පල වෙන එකක් නැහැ.
amare Tuesday, 01 December 2020 02:57 PM
මාංශ ළඟදී හම්බවුනේ නැතිද...?
Sunilsamaraweera Tuesday, 01 December 2020 08:30 PM
ණය ගන්නෙ නැහැ නෙමෙයි, ලෝකෙ අපිට කවුරුවත් ණය දෙන්නේ නැහැ. ඇයි ඉතිං හොරා කනවානේ...
Perera Wednesday, 02 December 2020 03:37 AM
ණය දෙන්න තරම් දැන් කවුරුවත් ඉතුරුවෙලා නැතුව වත්ද.?
Puppa Wednesday, 02 December 2020 05:42 AM
හොඳට දේශපාලනයෙන් හම්බකරගත්ත යෝධයෙක් .මෙයා ඕස්ට්‍රේලියානු ආණ්ඩුවටත් නඩු දැම්මා. කොටු පනින්න ගිහිල්ලා බිමට කරණම් ගහපු වෙලාවේ නඩුවට මොකද දන්නේ නැහැ...
de silva Wednesday, 02 December 2020 03:45 PM
ණයවෙලා හරි පුරවැසි අපි ඔබලාට පිනට පෙට්‍රල්, ප්‍රාඩෝ... පාර්ලිමේන්තුවේදී තරු 05 ආහාරවේලක්... රට සවාරි වැනි මෙකී නොකී සියලු දේම දෙන්නම්. බොරු කිය කියා බයියන්ව චූන් කරලා බලේ ඉඳන් අපිව තව ටිකක් කන්න. බැල්කනි වලට නම් නගින්න එපා.