IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්දියාවට ගිහින් කැනඩාවට පනින්න ගිය 10ක් මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු ආගමන කාර්යාංශයේ නිලධාරීන් රවටමින් දිල්ලි ගුවන් තොටුපොළෙන් කැනඩාව බලා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු සහ ඔවුන් කැනඩාවට යැවීමට උත්සාහ දැරූ නියෝජිතයා දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගැවසෙමින් සිටි පුද්ගලයන් 10 දෙනකු ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීමට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

දිල්ලි පොලිසිය ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා හැඳුනුම්පත් ඉල්ලා ඇති අතර හැඳුනුම්පත් ලබා නොදීම හේතුවෙන් ඔවුන් පොලිසියට රැගෙන විත්  වැඩි දුර විමර්ශනවලදී මෙම පුද්ගලයන් 10 දෙනා ශ්‍රී ලාංකිකයන් බවත් කැනඩාව බලා අත් අඩංගුවට ගත් නියෝජිතයා චෙන්නායි හි පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයන් 10 දෙනාට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසත් පැමිණීමෙන් පසු චෙන්නායි හි නියෝජිතයා ඔවුන්ට කැනඩාව බලා ගමන් කිරීමට අවශ්‍ය සියලු දේ සූදානම් කරනු ඇති බවත් දන්වා ඇත.

නමුත් ඔවුන් අත් අඩංගුවට පත්වූ දිනයේදී කැනඩාව බලා ගමන් කිරීමට සූදානම් වී සිට ඇති අතර මතු වූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් නැවත රැඳී සිටි හෝටලය වෙත ගමන් කරන ලෙස නියෝජිතයා ඔවුන්ට දැනුම් දී තිබේ.

 



අදහස් (1)

ඉන්දියාවට ගිහින් කැනඩාවට පනින්න ගිය 10ක් මාට්ටු

ajith Tuesday, 30 May 2023 02:45 PM

කරුණා කරලා යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්න. ලංකවේ ඉඳලා හිඟා කන්ටද?

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1071 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 952 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 917 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 623 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 540 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4894 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25316 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site