IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර කෝටි තුනක් මේ මාසයේදී

 ( මහින්ද   නිශ්ශංක)

ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තරගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට

පියවර ගෙන ඇතැයි ද සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේය.

මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය

කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් පැවසූ ඔහු දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් පැවසිය.

මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසාකෑ බවද ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බව සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

        



අදහස් (6)

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර කෝටි තුනක් මේ මාසයේදී

Geeth Meeella Sunday, 11 August 2024 04:51 PM

ඉන්දියාවෙන් ණය අරගෙන, ඒ ණය වලින් බිත්තරත් අරගෙන, ඒ බිත්තර වලට බදු ගහලා මිනිස්සුන්ට විකුණලා ඒ බදු සල්ලි වලින් ආයෙත් ණය ගෙවන රජයකින් රටේ පුරවැසියන්ට කුමන ප්‍රයෝජනයක්ද?

:       15       11

Pradeep Kumara Sunday, 11 August 2024 05:26 PM

අර එක්කෙනෙක් වහසි බස් දෙඩුවා නේද? බිත්තර සහ කුකුළු මස් චීනයට අපනයනය කරන්න සැලසුම් කරලා තියනවා කියලා... එයා දැන් කොහේද දන්නෑ. සමහර විට ඉන්දියාවෙන් ආනයනය කරලා චීනයට ප්‍රති අපනයනය කරන්න හිතුවාද දන්නෑ. එක අතකට අවුලකුත් නෑ, ඒ ගොල්ලෝ මොනවා කිව්වත් හුරේ කියන පාක්ශිකයෝ ටිකකුත් ඉන්නවානේ...

:       8       5

Marikkar Sunday, 11 August 2024 05:32 PM

මෙය තවත් වංචාවකි. ඉන්දියාවෙන් ගෙන්වන ඊනියා බිත්තර යනු බිත්තර නොව ඵය රසායනික ද්‍රව්‍ය වන අතර, ඊනියා ඇමතිවරුන්ට කොමිස් වශයෙන් ඩොලර් මිලියන ගණනින් මුදල් සහ මහජනතාවට ඉතුරැවන්නේ පිළිකා වැනි ලෙඩරෝග පමණි.

:       15       5

Masiripala Sunday, 11 August 2024 08:10 PM

රාජ්‍ය පරිපාලන 14/2024 චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයින්ට ගෙවීමට නියම කළ දීමනා ගෙවීම හොඳ නැහැ. ණයට හරි බිත්තර ගෙනැවිත් කන්න දීම හොඳයි...

:       10       5

Nishan Monday, 12 August 2024 04:28 AM

ජේවිපී උසිගැන්වීමට බිත්තර මිල ඉහල දාපු ජාවාරම්කාරයන්ට නියම වැඩේ. රනිල් ළඟ ඔය හැම කඩාකප්පල් වැඩකටම බෙහෙත් තියෙනවා.

:       4       5

chandima Monday, 12 August 2024 07:24 AM

රුපියල ගානේ ගෙව්වත් රුපියල් කෝටි තුනක් ඉන්දියාවට නේද? ඒ වගේම බිත්තර කොන්ත්‍රාත්තුවෙන් එක බිත්තරයකින් රුපියලක් හම්බු වුණත් රුපියල් කෝටි තුනක් සාක්කුවට නේද?

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 24 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 5 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2018 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 268 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2836 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1763 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33528 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site