(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 862 ග්‍රෑම් 370 ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පේසාලේ තුල්ලිකුඩිරිප්පුවේ දී අත්අඩංගුවට ගත් බව පේසාලේ පොලිසිය කියයි.
පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ලොරි රථයක් තුළ පටවා නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගය පුත්තලමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙරට තුළ පවතින වියළි කහ හිඟය හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කහ ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.
තලෙයිමන්නාරම සිට වියළි කහ බෙදාහැරීම සඳහා පුත්තලම ප්‍රදේශයට රැගෙන යන බවද සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, නිල්ලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පුද්ගලයෙකි.
සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවෙන් ගෙන්වූ කහ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
de silva Sunday, 30 August 2020 08:06 AM
ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ නිසා වෙළඳපලේ නොයෙකුත් ඩයිවර්ග මිශ්‍රකර ප්‍රමිතියෙන් අඩු කහ වර්ග විකිණීමට ඇත. මේවා පිළිකා කාරකයි.
Kasun Sunday, 30 August 2020 12:19 PM
අත්අඩංගුවට ගැනීම නොවෙයි කළයුත්තේ කහ ඉක්මණින් ගෙන්වා පවතින හිඟය නැති කිරීමට පියවර ගැනීම මගින් නීතිවිරෝධී ප්‍රවාහන කටයුතු නවත්වා ගැනීමයි කළ යුත්තේ.. කහ මෙරට ජීවත්වන පුද්ගලයන් ආහාර පිළියෙල කිරීමේදී මූලිකවම එකතුකරන දෙයක්... මෙය මේතරම් දුර ඇදෙනතෙක් බලධාරීන් නිදාගෙන සිටීම සතුටට කරුණක් නොවේ..