IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම්

(ලුසිත ජයමාන්න)

‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.

හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි.

හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණය.

‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.

‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය ඇත්තේ බෙංගලූරු නුවරය. හිරු ගවේෂණයට ඉන්දියාව යැවෙන පළමු රොබෝ යානය ‘ආධිත්‍යා’ Aditya-L1 බව එම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයකි.

මෙවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කළ හැකිය.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්‍රබල ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයේය.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය එම නමින් නම් කර ඇත්තේ, ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමිනි.



අදහස් (13)

ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම්

lakshaitha Saturday, 26 August 2023 05:42 PM

හිරුගේ අධික රශ්මියෙන් බේරෙන්න ඉන්දීය අභ්‍යවකාශ ආයතනය අලුත්ම ක්‍රමයක් සොයාගෙන. ඒ යානය රාත්‍රියේ යැවීමෙන්...

:       70       30

donSaturday, 26 August 2023 09:38 PM

ඔබ හරි... රෑට පිටත් කරනවා. උදේ වෙද්දී ගෙන්න ගන්නවා. නැවත රෑට පිටත් කරනවා. එතකොට රශ්මියෙන් බේරිලා යන්න පුළුවන්.

:       7       24

Kalaninanayakkara. Saturday, 26 August 2023 06:40 PM

ඒක නම් හරියට හරි.., නුවණ ඇති තීරණයක්. රෑට හිරු ගිනිදැල් පිටනොකරන නිසා රොකට් එකේ හෙඩ්ලයිට් පාවිච්චිකර හිරු බලා යන්න පුළුවන්නේ... එතකොට රොකට් එක රත් වෙන්නේ නැනේ...

:       58       41

Muthu Saturday, 26 August 2023 07:33 PM

ඉන්දියාවේ තත්වේ මුළු ලෝකෙම දන්නවා. වැසිකිලි නැතිව මළපහ කරන මිනිස්සු මිලියන ගණන් ඉන්න රටක්. මුළු ලෝකෙම ලොකුම කම්කරු ප්‍රජාව ඉන්න රට. ඇමෙරිකා, රුසියා අතේ ගරු ගාම්බීරේට තිබුණු සඳ ගමන හා අභ්‍යවකාශ ගමන බාල්දු වුණා. දැන් ඔවුන්ට ලෝකෙට තවත් ලොකුකම් පෙන්නන්න බෑ. ඉන්දියාව, ඇමෙරිකා රුසියා ගානට වැටුණාට වඩා, ඇමෙරිකාව, රුසියාව, ඉන්දියාවේ ගාණට වැටුණා වගේ දැනෙන්නේ...

:       44       25

සත්‍ය ගවේෂී.Sunday, 27 August 2023 09:22 AM

මුතු නමින් ලියන උගත් ඔබතුමා දැඩි අන්තගාමී ලෙස හිතා ඒ අදහස් සමාජගත කිරීමෙන් කරන්නේ විශාල හානියක්. මාත් ඇමරිකාවෙන් විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ලැබූ කෙනෙක්. මගේ නෑයන් ඇමෙරිකාවේ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ඒත් අපි උගතුන්, බුද්ධිමතුන් ලෙස ඊට ගැලපෙන අයුරින් ක්‍රියා කළ යුතුයි. අපි උගත්, බුද්ධිමත් වුවත් අපේ සමහර අදහස් එසේ නොවෙයි නම්, ඒවා අප විසින් බැහැර කළ යුතුයි. මගේ පිරිසිදු අදහස නම්, සුදු වේවා, කළු වේවා, අප කවුරුත් මිනිසුන්. ඒ එනිසා සුදු ජාතිකයන්ට වගේම, අනිකුත් ජාතිකයන්ටත්, බුද්ධියේ මහිමයෙන් අභ්‍යවකාශ කටයුතු කළ හැකියි. ඔවුන්ගේ ඒ අයිතියට අප නොහොබිනා කතා කීම නොකළ යුතුයි. ඔවුන්ගේ නිදහස් නිවහල් ස්වාධීන බුද්ධිමය වුවමනාවන් ඉටුවේවා .. ඒ තුළින් ලොව සුරපුරයක් වේවා...!

:       4       23

බන්දුල Sunday, 27 August 2023 11:48 PM

ඔබගේ අදහස් පිලිබදව පුදුම වීමට වඩා ලැජ්ජා විය යුතුයි .ඉන්දියාවෙ ලක්ශ ගනනක් වැසිකිළි නැතිව ඉන්න බව ඇත්ත .නමුත් ලෝකයේ වැඩියෙන්ම උගතුන් බුද්දිමතුන් ඉන්න රටත් ඉන්දියාව බව නොදැන සිටීම කනගාටුවට කරුණක් .හැමෝටම වැසිකිළි තිබුනට බංකොලොත් වී ලොකෙටම ණය කාරයන් වී සිටින රටක පුපුද්ගලයෙක් මෙසේ අපගේ අසල්වැසි රටක් අපහාසයට ලක් කිරීම ගැන ලැජ්ජා විය යුතුයි .

:       0       0

Nihal Saturday, 26 August 2023 07:39 PM

හරිම සතුටට කාරණයක්, අපිත් ඉන්දියානුවත් එකම හැඩරුව, කලුජාතික, බුද්ධි මට්ටම අඩු අය වශයෙන් බටහිර ආසියානු දියුණු රටවල් 3ක් අපව මනින්නේ අඩු තක්සේරුවකින්...

:       5       30

Samitha Saturday, 26 August 2023 08:57 PM

ලංකාවේ අපි නම් රෑ දවල් කියලා නෑ, හිරු බලන එක නවත්තලා තියෙන්නේ...

:       15       6

don Saturday, 26 August 2023 09:43 PM

මේ අතර ශ්‍රී ලංකාව... දේශපාලකයෝ හිතන්නේ හෙට ජනතාවට මොකක්ද දෙන ගුණ්ඩුව... රජයේ සේවකයෝ සිතන්නේ හෙට කොහොමද ගාණක් මරාගන්නේ... මිනිස්සු හිතන්නේ හෙට මොකක්ද රට් ලෝකෙ අලුත්ම පුවත කියලා...

:       2       26

Nimal Sunday, 27 August 2023 04:32 AM

කලුජාතික රටවල් ඉතා සතුටට පත්විය යුතුයි. මොකද අප ගැන බටහිර කියන්නේ මුකුත් බැරි බුද්ධිය අඩු මිනිසුන් වශයෙන්මය, කලු ජාතික රටවල් වන ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, (ආසියාව) බංග්ලාදේශය මැදපෙරදිග සහ අප්‍රිකන් රටවල් මිනිස්සුන්ට වර්ණ භේදය නිසා එම රටවලදී අපට සිදුවන අපහාස, ගැහැට උදහස් වීම් අඩුවීමක් වීමට පුළුවන් අතර අපට කතා කිරීමට හැකියාව ලැබෙනවා...

:       1       24

Nimesh Sunday, 27 August 2023 09:48 AM

අපිත් ආඩම්බර වියයුතුයි මේ ගැන... මොකද ඉන්දියාවේ ආර්ථික දියුණුවට ලංකාවත් සෑහෙන්න දායකත්වයක් ලබාදුන්නා. පහුගිය කාලේ අපේ රටේ බංකොලොත් වෙලා, තෙල් නැතිව විදුලිය නැතිව ඉන්නකොට ඉන්දියානු මාධ්‍යය එක දෙක කරලා ලෝකෙට පෙන්වලා ලංකාවේ තේ, නිමි ඇඳුම්වලට එන බිස්නස් ගොඩක් ඒ ගොල්ලන්ගේ රටට අල්ලා ගත්තා... ඒ වගේම අපිට උදව් කරන්න එනවා වගේ පෙන්වලා දීපු ණය වලත් තිබ්බේ ඒ ගොල්ලන්ගේ බඩු පමණයි. එම මුදලින් ගන්න පුළුවන් කියලා, ඒ වගේම රනිල් උන්නැහේ තවමත් සැහෙන්න කැපවෙලා ඉන්නවා.. අපේ ඉතිරිව ඇති දේශීය කර්මාන්ත ටිකත් වහලා දාලා ඒවත් ඉන්දියානු ව්‍යාපාරිකයින්ට ලබාදෙන්න...

:       10       45

pakeer Sunday, 27 August 2023 02:15 PM

අන්තගාමී වීමක් නොවේ. මේ පාවිච්චි කරන හැම තාක්ෂණයක්ම, සිද්ධාන්තයක්ම එක්කෝ ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය වගේ ලොකු රටවල මිනිස්සු ගත්තු ඒවා. අපිට පුළුවන් අනුකරණය කරන්න විතරයි. බොරු නම් බලන්න. කෙප්ලර්, ගැලීලියෝ, අයින්ස්ටයින්, නිව්ටන්, ඩෝල්ටන්... මේ හැමෝම මෙහෙ අය නෙවෙයි.

:       29       2

චන්දිම ෆොන්සේකා Sunday, 27 August 2023 02:27 PM

මගේ මතය නම් ඇමරිකාව, රුසියාව ඔය යානා හඳට යැව්වාට මිනිස් ප්‍රජාවට වෙලා තියෙන ප්‍රතිලාභ නම් එච්චර නැහැ වගේ. ඒක හින්දාද කොහෙද, ඔය රොකට් තාක්ෂණය මුලින්ම හොයා ගත්තු ජ'මානුවන්වත් හඳට යන්න ඔච්චර දඟලන්නේ නැත්තේ....!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 28 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 145 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 140 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 105 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 157 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2571 5

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 572 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site