IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඉන්දියාව තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කරයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණයවීමත් සමග තමිල්නාඩු  ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇතැයි එරට පළවන අයි.ඒ.එන්.එස් වෙබ් අඩවිය ඊයේ (14) වාර්තා කළේය.
 
ඒ අනුව තමිල්නාඩුවේ  කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

 

 

ඉන්දීය බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙන බව ඉන්දීය අයි.ඒ.එන්.එස් වෙබ් අඩවි වාර්තා වේ වැඩිදුරටත් දැක්වේ.

 

කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න තහවුරු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

 

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත්  සදහන් වේ.

 

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. 

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය ද ඉහළ දමා ඇති බව සඳහන්ය. 



අදහස් (0)

ඉන්දියාව තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කරයි

ඔබේ අදහස් එවන්න

දියත

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 0 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 7 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 15 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 177 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 41 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 578 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site