IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් බෝට්ටු දෙකක් මුදා හරී

(ඉන්දිකා රාමනායක)
 
හෙරොයින් සහ  හෂීෂ්  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින්  අත්අඩංගුවට ගෙන තිබු  මෙරට බෝට්ටු 3 න්  බෝට්ටු දෙකක් එහි සිටි  පිරිස සමග    ඉන්දීය  බලධාරීන් විසින් මුදා හැර ඇතැයි ධීවර  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

මෙම බෝට්ටු තුන අත්අඩංගුවට ගත්ත ද   හෙරොයින් සහ හෂීෂ්   නැමැති මත්ද්‍රව්‍ය තිබී ඇත්තේ එක් බෝට්ටුවක  පමණක් හෙයින් සෙසු බෝට්ටු දෙක මෙලෙස මුදාහැර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අත්අඩංගුවට ගත්නා අවස්ථාවේ මත්කුඩු තිබු  බෝට්ටුව සහ එහි පිරිස පමණක්  තවමත් ඉන්දීය අත්අඩංගුවේ පසුවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් සම්බන්ධයෙන් හෙට (10)   අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රි ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද  අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සිද්ධියේ පරීක්ෂණ  වලට   ශ්‍රි ලංකාවේ සහය ද ලබා දෙන බවට ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රුපියල් කෝටි 400 ට අධික වටිනා හොරොයින් කිලෝ 200 ක් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමග ඉන්දීය  වෙරළ ආරක්ෂක බළකාය විසින් මෙරට බෝට්ටු  තුනක්  සමඟ  19 දෙනකු  ලක්ෂදිවිප්  දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව  නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්  පුවත් වෙබ් අඩවිය සහ ඉන්දීය  වෙරළ ආරක්ෂක බලකා  වෙබ් අලෙවිය  වාර්තා කර තිබිණි.

ආකර්ෂා දුව , චතුරාණි 3, චතුරාණි 8 ,   නැමැති බොට්ටු මෙලෙස මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර  ආකර්ෂා දුව  නැමැති බෝට්ටුවෙන්    හෙරොයින් කිලෝ 200 ක් සහ  හෂීස්  මත්ද්‍රවය කිලෝ 60 තිබු බව  එම පුවත් සේවය වාර්තා කරයි.

ආකර්ෂා  දුව බෝට්ටුව සහ එහි  කාර්ය මණ්ඩලය පමණක්  ඉන්දීය අත්අඩංගුවේ පසුවෙයි.



අදහස් (0)

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් බෝට්ටු දෙකක් මුදා හරී

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 208 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 456 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 162 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 509 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 599 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 565 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 209 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 211 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 105 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site