IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බලය මෝදිට

ඉන්දීයාවේ උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, මනිපූර්, ගෝව සහ පන්ජාබ් ප්‍රාන්තවල මැතිවරණ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (10) සිදුවිය.

උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, මනිපූර්, ගෝව යන ප්‍රාන්ත බලය අත්පත් කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ සමත් වූ අතර, පන්ජාබ් ප්‍රාන්තයේ ජය හිමිකර ගැනීමට සමත් වූයේ ඉන්දීය දේශපාලනයේ පෙරැළි කරන දූෂණ වංචා විරෝධී පක්ෂයක් ලෙස ද සැලකෙන ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයයි.

ප්‍රාන්ත මැතිවරණ කටයුතු ආරම්භ වූයේ පෙබරවාරි 14 වැනිදා සිටය. පළමුවෙන් පැවැත්වූයේ ගෝව ප්‍රාන්ත මැතිවරණයයි. ආසන 40 කින් සමන්විත ගෝව ප්‍රාන්තයේ බලය ‘භාරතීය ජනතා පක්ෂය’ සතුව පැවැති අතර, මෙවර මැතිවරණයේ දී ඔවුන්ට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය පුමුඛ ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂ සන්ධානයෙන් අභියෝගයක් එල්ල විය.

මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනී ගියේ තියුණු සටනකින් පසු කොංග්‍රස් පක්ෂය අභිබවා යමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වූ බවය. භාරතීය ජනතා පක්ෂය ආසන 17 ක් ද කොංග්‍රස් පක්ෂය ආසන 12 ක් ද දිනා ගත් බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී  ගියේය.

පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 5 තෙක් පැවැති මනිපූර් මැතිවරණයේ ප්‍රතිඵල ඉන්දීයාවේ උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, මනිපූර්, ගෝව සහ පන්ජාබ් ප්‍රාන්තවල මැතිවරණ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය. 

ප්‍රතිඵල නිකුත් වෙද්දී, ‘ජාතික ජනතා පක්ෂය’ සහ ‘නාග ජනතා පෙරමුණ’ පරාජය කරමින් ආසන 27 ක් දිනා ගෙන ඉදිරියට පැමිණියේ භාරතීය ජනතා පක්ෂයයි. මනිපූර් ප්‍රාන්ත සභාවේ ආසන ගණන 60 කි.

පන්ජාබ් ප්‍රාන්තයේ බලය ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය සතුව පැවැතිණි. කොංග්‍රස් පක්ෂයෙන් බලය උදුරා ගැනීමට ‘ආම් ආද්මී’ පක්ෂය සමත් වීම සුවිශේෂී සිදුවීමකි. 2015 වසරේ සිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ද අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය අත්පත් කරගෙන සිටින්නේ ද දිල්ලි මහ ඇමැති ලෙස කටයුතු කරන අරවින්ද් කෙජ්රිවාල්ගේ  ‘ආම් ආද්මී’ පක්ෂයයි.

පන්ජාබ් ප්‍රාන්තයේ ආසන 117 ක් ඇති අතර, ‘ආම් ආද්මී’ පක්ෂය ආසන 90 ක් දිනා ගැනීමට සමත් විය. පාලක පක්ෂය වූ කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 15 ක් පමණි.

උත්තර ප්‍රදේශ් යනු ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ දැඩි හින්දු ජාතිකවාදියකු මෙන්ම යෝගීවරයකු ද වන යෝගී ආධිත්‍යනාත්ය.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මැතිවරණය ආරම්භ වූයේ පෙබරවාරි 10 වැනිදාය. එය අදියර කීපයක් යටතේ පැවැත්විණි. මැතිවරණ පැවැත්වූයේ 14, 20, 23, 27 සහ මාර්තු 3 සහ 7 දිනවලය.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ ආසන 403 කි. මීට වසර පහකට පෙර, පැවැති ප්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ආසන 300 ක් දිනා ගැනීමට සමත් විය. කෙසේ නමුත් මෙවර ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ආසන 273 කි. එය ද බහුතරය ඉක්මවා යෑමකි.

ඉන්දියාවේ මහ මැතිවරණ දෙකක් ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ මෝදි, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට මෙහෙයවමින් යළි මහ මැතිවරණයකට මුහුණ දෙනු ඇත්තේ 2024 වසරේ දීය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය දිගටම තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වීම, අග්‍රාමාත්‍ය මෝදිට විශාල වාසියක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

උත්තරකාන්ද් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. උත්තරකාන්ද් පක්ෂය ආසන 70 කින් සමන්විතය. භාරතීය ජනතා පක්ෂය ආසන 44 ක් ජයග්‍රහණය කළේය. කොංග්‍රස් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ආසන 22 කි. බහුතරය සඳහා ආසන 36 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි.

මෙම 2022 වසර අවසානයේ ඉන්දියාවේ තවත් ප්‍රධාන ප්‍රාන්ත තුනක ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. එම ප්‍රාන්ත වන්නේ හිමාචල්, ගුජරාඨය සහ ජම්මු කාශ්මීරයයි. හිමාචල් සහ ගුජරාඨය භාරතීය ජනතා පක්ෂය යටතේ පවතී. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙන්නේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත මැතිවරණය කෙරෙහිය. ජම්මු කාශ්මීර මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ දෙසැම්බරයේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බලය මෝදිට

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 30 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 225 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 212 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 388 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 460 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 7439 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 786 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2183 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site