
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් එළඹෙන 5 වැනිදා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට සුදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එළඹෙන 5 වැනිදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව චෙන්නායි වරායෙන් පිටත්වන බවත් එළඹෙන 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකාව පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
එම උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.
කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය මෙතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප්‍රවාහන නෞකා සේවයක් ලෙස ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාවට ගමන් ආරම්භ කිරීමත් සමඟ වැඩි වන ඉල්ලුම හමුවේ එම සමාගම තවත් නෞකා සේවයට යෙදවීම සඳහා බලාපොරොත්තු වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
කොර්ඩේලියා කෲස් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත එළඹෙන ජූනි මස සිට ගමන් කිරීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ සැප නැවක මංගල ගමනට ලංකාව තෝරා ගෙන
රාලහාමි Sunday, 28 May 2023 04:08 PM
ඔය නැවෙත් ඉන්දියාවේ වගේ වැසිකිලි නැතුව ඇති.ඒක ඉතින් ඉන්දියන් අනන්‍යතාවයනේ.හැබැයි ඔය නැවේ එන ඉන්දියානුවෝ අපේ රටේ පාරවල්වල එහෙම කක්කා කරලා අහුවුනොත් හම ගහනවා විතරක් නොවෙයි පාරේ දාපු " බඩු " කවනවා. අපි නොදන්නා ඉන්දියන් ටුවරිස්ට්ලා, අයන් එකෙන් බිත්තර බැදලා කන අයියලා.
Channa Sunday, 28 May 2023 06:48 PM
ඇයි කොළඹ ඉඳන් පටන් ගන්නේ නැත්තේ
Perera Monday, 29 May 2023 06:45 AM
ඉන්දියාව නැව් හදනකොට අපිට පුළුවන යන්තම් තෙප්පමක් අටවගන්න විතරයි