(යොහාන් භාසුර)
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ස්වයං මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන 2023-24 අධ්‍යයන වර්ෂයේ අධ්‍යාපන පාඨමාලා සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවයි.
සම්පුර්ණ කළ අයදුම්පත්‍ර සියලුම සෙසු ලියවිලි සමඟ ලබන ජූනි මස 16 වැනිදාට පෙර යොමුකළ යුතුය.
ඒ අනුව එම්.බී.බී.එස්., බී.ඩී.එස්., බී.ඊ., බී ටෙච්, බී පාර්ම්, බී අර්ච්, තාක්‍ෂණ ඩිප්ලෝමා සහ පාමසි පාඨමාලාවේ උපාධි යන පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකියන්ගෙන් අයදුම්පත් කැඳවන බවත් එම පාඨමාලා සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් එන්.ඊ.ඊ.ටී. විභාගයේ සහ උසස් පෙළ සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සියයට 50 බැගින් ප්‍රතිඵල තිබිය යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.
‘බී ටෙච්’ ඉන්ජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්කරුවන් සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය සඳහා අවම වශයෙන් සියයට 60 බැගින් සහ උසස් පෙළ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් ‘බී පාමසි’ ඩිප්ලෝමාව සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සියටය 60 බැගින් ද, උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් එම කාර්යාලය කියයි.
‘බී අර්ච්’ අපේක්ෂකයින් නව දිල්ලියේ වාස්තු විද්‍යා කවුන්සිලය නියම කරන යෝග්‍යතා පරීක්ෂණය අනිවාර්යයෙන් සමත් විය යුතු බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පස්වරු 2.00 සිට 4.00 අතර වැඩකරන දිනවල කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් අයදුම්පත් ලබාගත හැකි බවත් ඒ සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දීය අධ්‍යාපන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි