IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙන්නාට පැනවු තහනම දිග් කරයි

(රෝෂන් තුෂාර)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට්  තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට  බලපෑම් කළේ යැයි කියන ඉන්දීය  ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට    පැනවූ මෙරටින් පිටවීමේ තහනම් නියෝගය ජුනි මස 13 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද( 02) නියෝග කළේය.

තරග පාවාදීම සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කිරීමට කාළය අවශ්‍ය බැවින් විදෙස් ගමන් තහනම මාස තුනකට දීර්ඝ කරන ලෙසට ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කෑන්ඩි  සෑම් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝනී පටෙල්ට සහ පංජාබ් රෝල් කණ්ඩායමේ පැචලෝඩියා ආකාශ්ට මාර්තු මස 14 වැනි දින පැනවූ මෙම තහනම මෙසේ තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කෙරිණි.

සැකකාර යෝගී පටෙල් පසුගිය 26 වැනි දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර , තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.



අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙන්නාට පැනවු තහනම දිග් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 622 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1749 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site