ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
චීනයේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුව (15) සහ (16) දෙදින ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සාමාජිකයන්ය. මෙවර සමුළුවේ සත්කාරකරු වන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය.
සමුළුවට පැමිණි විදෙස් රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර ලොක්ඩවුන් කෙරුණි. විශේෂ පොලිස් සහ හමුදා බලඇණි අගනුවර ආරක්ෂාවට යෙදවිණි. සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් ද සහභාගී විය.
සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් රාත්‍රියේ පැවැත්වුණු අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඊට සහභාගී විය. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, අතට අත දී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගත් අතර, දෙදෙනා අතරේ තත්පර 20 ක සුහද වචන කීපයක් හුවමාරු විය.
ඉන්දීය රජයේ අමාත්‍යවරයකු මේ අයුරින් පාකිස්තානයට පැමිණියේ වසර 10 කට පමණ පසුවය. මීට පෙර, විදේශ අමාත්‍යවරියක ලෙස කටයුතු කළ සුෂ්මා ස්වරාජ් පාකිස්තානයට පැමිණියාය. ඒ, 2015 වසරේදීය. ස්වරාජ් පාකිස්තානයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ අනාගතය වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ජගත් සමුළුවට සහභාගී වීම සඳහාය.
සුෂ්මා ස්වරාජ් ඉන්දීය විදේශ ඇමැතිනිය ලෙස එම ධුරය හොබවද්දී, විදේශ ලේකම් ලෙස කටයුතු කළේ ජයිශංකර්ය. එදා ද ජයිශංකර්, සුෂ්මා ස්වරාජ් සමඟ පාකිස්තානයට පැමිණියේය.
ඉන්දු පාකිස්තාන විරසකය පවතින්නේ දේශසීමා අර්බුද මුල්කොට ගනිමිනි. ඉන්දියාව අස්ථාවර කිරීමට, පාකිස්තානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවට ඉන්දියාය චෝදනා නගයි. 2015 වසරේදීත් 2016 වසරේදීත් ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පුහුණුව දුන්නේත් අනුග්‍රහය දැක්වූයේත් පාකිස්තාන රජය සහ එරට අයි.එස්. බුද්ධි අංශය යැයි චෝදනා එල්ල වී ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක