IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කරයි

( තිළිණි ද සිල්වා )

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා අයි.ඔ.සී (LIOC) ආයතනය බලධාරීහු ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කළේය.

ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවය.

මේ අතර ලංකා අයි.ඔ.සී ආයතනයේ හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද ඉන්දීය විදේශ ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් එදින සිදු කෙරිනි.



අදහස් (16)

ඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කරයි

බණ්ඩාර Sunday, 03 October 2021 07:17 PM

එහෙනම් හරි. ඔයිට වඩා නරකද එක පාර ලොකු සේල් එකක් දාලා රටම විකුණල දැම්ම නම්.

:       3       33

SLSunday, 03 October 2021 07:53 PM

ඇයි තවම දන්නේ නැතිද

:       1       16

BamunuarachchiMonday, 04 October 2021 12:36 PM

සුද්දා යුද්ධය කාලේ ඔය තෙල් ටැංකි හැදුවේ යුද්ධය කාලෙට අවශ්‍ය විශේෂයෙන් තිරිකුණාමල වරායට එන නැව්වලට තෙල් සැපයීමට... දැන් අපිට එතරම් තෙල් ටැංකි පමාණයක් රටට අවශ්‍ය නැත. රජයේ වියදමින් කවදාවත් ඔතන තෙල් ටැංකි ගොඩනගන්නේ නැත. එසේනම් ඒ තෙල් ටැංකි තියාගෙන දිරාපත් වෙන්න දෙනවාද? බදු දීලා රටට අාදායමක් ලබාගන්නවාද? ඒ කාලේ හමුදා මූලස්ථානයත් කොළඹ තිබෙන්න ඕනේ කියන අයත් හිටියා. දැන් ජෙප්පන් දේවි ඇට්ටි හැලෙන්න. රැල්ලට කතා කරන්න එපා හොඳට හිතලා බලලා කතාකරන්න...

:       8       2

BamunuarachchiMonday, 04 October 2021 12:40 PM

ඔබට දෑවැද්දට ගෙවල් 5ක් ලැබුණොත් දිරාපත් වෙන්න ඔහේ තියනවද? බදු දීලා ආදායමක් ලබනවාද? ජෙප්පන්ගේ රැල්ලට හිතන්න එපා...

:       8       1

BamunuarachchiMonday, 04 October 2021 01:52 PM

හැම දේටම ඩිස්ල්යික් දාන එක්කෙනෙක් ඉන්නවා.

:       3       0

BamunuarachchiMonday, 04 October 2021 10:13 PM

කව්ද ඩිස්ලයික් දානවා

:       0       0

මහසෙන් Sunday, 03 October 2021 08:03 PM

ඕනම ගනුදෙනුවක් කරන්න ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනී. ඒ නිසා වටිනාකමක් දීලා ගන්න. කොහොමත් දැන් මේ රට සේල් කම්පැනියක්. වටිනා ගානකට ආවොත් රටම දෙනවා.

:       3       28

පැරකුම් Sunday, 03 October 2021 10:19 PM

මෙයා මේ කොරෝනා අස්සෙ හිටි ගමන් ආවේ මොකටද කියලා පේනවනේ. තියන දෙයක් දීලා ඉවරයක් කර දාමු. අපි කැමති උනත් නැතත් දෙන එක දෙනවනේ.

:       2       19

සෙනෙවිරත්න Sunday, 03 October 2021 11:31 PM

ඉතිහාසය නැවත නැවත සිදු වන බවත් දෙවනුව ඛේදවාචකයක් සමග සිදුවන බවත් කියා තිබේ. එය ඇත්ත නේද?

:       0       0

චන්දිම Monday, 04 October 2021 12:22 AM

නරියා එන්නෙම කුකුළු කූඩුව බලන්නමයි. ගොනා හැරෙන්නෙම පොල් පැලේ පැත්තටමයි. ඔන්න ඕක තමයි කියන්නේ ඔය ඉන්දියන්කාරයෝ ලංකරගෙන මහලොකුවට සංවර්ධනය කරන්න ආයෝජනය කලාය කිව්වට බදු කාලය අවසානයේ කවදාවත් ඒ අය ආපහු දීලා යන්නේ නැහැ, දිගටම සින්නක්කරේටම අල්ලා ගන්න තමයි හදන්නේ.

:       0       0

Demuni Uduwara Monday, 04 October 2021 02:33 AM

බ්‍රිතාන්‍යයන් අක්කර 850 ක ඉන්ධන ටැංකි 101 ක් ඉදි කළ අතර එයින් 2 ක් දෙවන ලෝක යුද්ධ II ප්‍රහාරයෙන් විනාශ වූ අතර ඉතිරි ඒවා 1960 දී සිදු වූ අනතුරකින් විනාශ විය. ටැංකි 15 ක් LIOC වෙත විකිණීමෙන් පසු අපේ භූමියේ ටැංකි 84 ක් ඇති බැවින් අපට හිඟමන් ඉල්ලීමට සිදු විය. කලින් අත්සන් කළ ගිවිසුමක් නිසා ආපසු ගැනීම සඳහා.

:       0       0

BamunuarachchiMonday, 04 October 2021 10:16 PM

කව්ද කොයිකාලේද ඉන්දියාවට දුන්නේ? 1993-2003 කාලේ තිබුන එජාප ආණ්ඩු නේද ඉන්දුලංකා ගිවිසුම යටතේ මේවා ඉන්දියාවට දුන්නේ?

:       0       0

ranjith Monday, 04 October 2021 04:27 AM

මේ රටේ අනාගත දරුවන්ට කියක කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. වටිනා දේවල් ඔක්කොම පිටරටියන්ට ණය ගෙවන්න පමණක් අනාගත පරපුරට දායාදයක් වෙයි.

:       0       0

චන්දන Monday, 04 October 2021 08:13 AM

මෙතෙක්කල් කරපු වැරදි හදාගත්තේ නැත්නම් ආණ්ඩුවට මේකෙන් නම් වැඩ වරදීවි. විරුද්ධ පක්ෂෙ අයට දැං ආණ්ඩුවට වැරැදි කිය කිය ඉන්න බැහැ. එයාලත් මේකෙ මුල ඉන්නව .

:       0       0

Perera Monday, 04 October 2021 10:11 AM

තෙල් ටැංකි වලට අමතරව දළදා මාලිගාව බලන්නත් ගියේ

:       0       0

Nuwan Monday, 04 October 2021 10:36 AM

රනිල් මේ ටැංකි ඉන්දියාවට දුන්නෙ නැත්නම් මේවා කැලේට ගිහිල්ලා. යහපාලනය ඉතුරු ටික දෙන්න හැදුවම පපුව පලාගන්න හදපු අය දැන් ආණ්ඩුවෙ. හරි දේ කරද්දී කෑගහන්න පුලුවන් අය ඕන තරම්. රට දියුනු කරන්න දූශිත තෙල් සංස්තාව සහ වෘත්තීය සමිති පන්නල මේ සම්පත් වලින් වැඩක් ගන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2313 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 563 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1121 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5958 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 793 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4930 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site