(නිමන්ති රණසිංහ)
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු පාස් දෙනා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (22) නියෝග කළේය.
එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර ඇති බවත් සොරකම් කල භාණ්ඩ කිහිපයක් කිරුළපන ඇලට විසිකර තිබියදී සොයා ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණ කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් අතර සැකකාරියගේ සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා ද සිටින බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
ඉකුත් 15වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර පළාගොස් තිබුණි.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ පරිගණකය ඉස්සූ පස් දෙනා රිමාන්ඩ්