( තිළිණි ද සිල්වා )
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවේ දැනුම් දුන්නේය.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදීෙ ඊයේ (22) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවූ අතර එහිදී මෙම දැනුම් දීම කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම නොහැකි බවට ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය සමඟ බොහෝ රටවල් ස්ථාවරව සිටීම තුළින් ශ්‍රී ලංකාව දිරිමත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති මෙම ද්විපාර්ශික හමුවේදී මෙරට විදේශ අමාත්‍යවරයා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කියා සිටියේ ජනවාර්ගික ගැටලුවලින් පසු ඇති වන අවශේෂ ගැටලු පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සඳහා වූ අවශ්‍යතාවය, දෙරටේම යහපත සඳහා ඉවහල් වනු ඇති බවය.
ඒසේම දෙරටේ සබඳතා එක් ගැටලුවක් සඳහා පමණක් සීමා නොවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
සබඳතා වැඩිදියුණු කිරීමේ දී නවදිල්ලියට වැඩි විශ්වාසයක් ලබා දිය හැකි වන පරිදි, ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාවය ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.
පුද්ගලාන්තර සම්බන්ධතා වැඩි දියුණු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ විවිධ ආකාරයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමති බවත් ,විවිධ දේශපාලන පක්ෂ ඇතුළු සියළුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී අමාත්‍ය ජී.එල්ගපීරිස් මහතාට පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කවුන්සිලය වැනි ස්වාධීන ආයතන බල ගැන්වීම වැනි ප්‍රධාන කරුණු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සහයෝගයෙන් කටයුතු කරන බව සදහන් කළ අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා , 2009 මැයි මාසයේ දී ගැටුම අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති ගැටලු විසඳීම සඳහා රජය ගත් සියලු ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය.
අමාත්‍ය පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ අංශවලින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් එම ප්‍රයත්න අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් ය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා වැඩිදුරටත් පැවසීය.
ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බව අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, ඒ රටවල අනුමැතියකින් තොරව රටවල්වලට විරුද්ධව යෝජනා ගෙන ඒම ක්‍රියාත්මක කළ නොහැකි බවට ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය සමඟ බොහෝ රටවල් ස්ථාවරව සිටීම තුළින් ශ්‍රී ලංකාව බෙහෙවින් දිරිමත් වූ බව සඳහන් කළේය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා වැදගත් බවට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ.
දෙරට අතර සබඳතා කඩිනම් කිරීම සඳහා අපේක්ෂිත ගිවිසුම්වලට එළඹීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම මෙහිදී එකඟ වූහ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු නිව්යෝක්හීදී හමුවෙති