IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් ඉඩමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය  වෙනුවෙන් ආශ්‍රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ  කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය ආධාර මත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී නාරායන ධර්ම සංගම් කොළඹ භාරය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රම්බොඩවත්ත නමැති ඉඩමෙන් අක්කර හයයි රූඩ් දෙකක් පමණ ඉඩම් කොටසක් ඒ සඳහා හඳුනාගෙන ලැබ තිබේ.

එකී ඉඩම් කොටස වසර තිහක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා නාරායන ධර්ම සංගම් කොළඹ භාරය වෙත ලබාදීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (4)

ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් ඉඩමක්

Yaka Tuesday, 20 February 2024 10:42 PM

ආදරෙයි.ආදරෙයි.හරක් හමක් එලා ගන්න තැනක් ඉල්ලපු උන් රටම අල්ලන්න ගේම් ගැහුවා කියලා මතකයි රජ කාලේ.ආදරෙයි.ආදරෙයි.ඔහොම යමු...ලංකාවේ ගොඩක් උන්ට ඔය ආශ්‍රමේ ඉඩ හදපල්ලා ඉන්න...ආදරෙයි .ආදරෙයි

:       0       0

chandima Wednesday, 21 February 2024 05:56 AM

මොවුන් ආණ්ඩුවේ ඉඩම් බෙදන්නේ අම්මගේ අප්පගේ දේපළ වගේ... යන්න කළින් රටම විකුණලා තමයි යන්නේ...

:       1       0

සරත් කුමාර Wednesday, 21 February 2024 10:21 AM

ඉඩම දෙන්නේ බදු පදනමින්ලු. මම අහන්නේ අවුරුදු 30කින් පස්සේ ආශ්‍රමය ගලවාගෙන යනවාද? නැත්නම් ලංකාවට බාර දෙනවාද? ඒකෙන් ලැබෙන ආර්ථික වාසි මොනවාද? මෙව්වා තමයි සීතල ආක්‍රමණ. රටම හිඟමනට වට්ටපු පාලකයෝ, සල්ලි ටිකක් අරන් එනවා නම් ඕන කුණුගොඩකට කරගන්න පේවෙලා ඉන්නවා. ඉතිහාසයේ සිට ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ නෑ කියලා එස්.බී කිව්වා කියන ප්‍රවෘත්තියක් තිබුණ. යුද්ද කළේ එදා.. අද ඔලුව අතගාලා, මූණ ඉඹල තමයි රෙද්ද කඩන්නේ.. කමක් නෑ.. ලැජ්ජාව බින්දුවට වැටුනු ජාතියකට මොන රෙදිද..?

:       0       0

සරත් කුමාර Wednesday, 21 February 2024 10:23 AM

අද ඉන්දියාව අපේ ඔලුව අතගාලා, මූණ ඉඹලා තමයි රෙද්ද කඩන්නේ.. කමක් නෑ.. ලැජ්ජාව බින්දුවට වැටුණු ජාතියකට මොන රෙදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 274 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 526 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 402 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 598 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1777 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 186 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site