( තිළිණි ද සිල්වා)
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේය.
අරලියගහ මන්දිරයේදී මෙම ද්විපාර්ශවික හමුව පැවත්විණි.
ඉන්දීය විදේශ ලේකම්වරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග බහු ආංශික ඉන්දු - ශ්‍රි ලංකා සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡාවන්හි නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
තවද ඔක්තෝබර් 2වන දිනට යෙදුණු මහත්මා ගාන්ධිතුමාගේ 152වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරැන් ඇතුළු සම්භාවනීය අමුත්තන් අරලියගහ මන්දිරයේදී ගාන්ධිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
මෙම හමුව සදහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන්ද එක්වූහ.
විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඉකුත් 2 රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඡායාරූප කැප්ෂන් - ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (4) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ අයුරු ගාන්ධිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු ඡායාරූප වල දැක්වේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දු - ලංකා සබඳතා තර වූ සාකච්ඡාව
සිරිබිරිස් Monday, 04 October 2021 06:49 PM
තෙල් ටැංකි ඔක්කෝම දුන්න අන්තිමට ඉතුරු වෙච්ච ටිකත් නේද