(අජන්ත කුමාර අගලකඩ)
මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ ඇත .
ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීම බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැනුම්දී ඇත.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත .
ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වේ.
කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර ,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි .
ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .
අපනයන ආදායමෙන් මෙතරම් ප්‍රතිශතයක් ඉන්ධන සඳහා වැය කිරීම ජාතික අපරාධයක් බැවින්, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වලට වහාම යොමුවිය යුතු බව ද ඇමතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇත .
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධනවලට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී
Nishan Saturday, 29 January 2022 11:15 AM
ඉතින් දැන්වත් ලංකාවේ සෝලා පැනල් හයි කරන ඒවට සහයෝගය දීපල්ලාකෝ... පුදුම කාලකන්නි සෙට් එකක් ඔය සෝලා ප්‍රොජෙක්ට් අනුමත කරන්න ඉන්නේ... උන් කවදාවත් ඒවා අනුමත කරන්නේ නෑ. එහෙම අය හොය හොයා වෙඩි තියන්න ඕනෑ කාලකන්නි හැතිකරේ...
JagathSaturday, 29 January 2022 06:02 PM
ලංවීම එකේ ඉහළම පුටුවල කොමිස් කාක්කන් කිහිප දෙනෙක් ඉන්නවා. උන් ඉන්නකම් ලංකාවේ සෝලා පැනල් හයි කරන එක බොරු. අපේ රටට ආදරේ ඇති නායකයෙක් සහ පාලනයක් ඇති වුණු දවසක අපිට පුළුවන් ඉන්ධන සහ ගල්අඟුරු සඳහා විදේශයට යන මහා ධනස්කන්ධය නවත්ත ගන්න. ඒකට ඉතින් මේ මජර දේශපාළු ක්‍රමය නවත්තන්න ඕනෑ.
senaSaturday, 29 January 2022 06:06 PM
මේක සෝලා පැනල් වලින් විසඳන්න බැහැ. නමුත් සමහර රටවල පාලකයෝ ඉඳලා තියෙනවා රටෙන් හොරකම් කරලා ඒ රටවලටම ණයට දීපු... මෙතන ඒ වගේ දෙයක් නැතිව ඇති මගේ හිතේ...
MO77 Saturday, 29 January 2022 11:32 AM
විදේශගත ශ්‍රමිකයින්ට තමන්ගේ ඩොලර් සඳහා වෙළඳපොළ වටිනාකම ලබාදෙන්න. ශ්‍රමිකයින්ගේ විදේශ ප්‍රේෂණ ශුද්ධ ලැබීම් වෙයි. අපනයන ආදායමේදී අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් වැයවේ. මේ නිසා විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට රුපියල් 250ක් දීම සාධාරණයි. ආර්ථිකය ඝාතනය කරමින් පවතියි...
sugathSaturday, 29 January 2022 05:08 PM
වෙළඳපොළ වටිනාකම යනු ඩොලරයට කළු කඩේ දෙන වටිනාකමද?
MO77Sunday, 30 January 2022 10:17 AM
ඩොලර් රේට් නියම වටිනාකම යනු ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත තීරණය වන මිලයි... මෙය ආර්ථික විද්‍යාවේ මූලිකම සිද්ධාන්තයක්... දැන් කෙරෙන්නේ ලංකාවට එවන ඩොලර්වලින් ගසාගෙන කෑමක්.. ගජ මිතුරන්ට විතරක් අඩුවට ඩොලර් විකුණනවා. ඔබ බැංකුවට ගිහින් බලන්න ඔබට ඩොලර් මිලදී ගන්න පුළුවන්ද කියලා ඔය කියන ගානට...
ලුම්බිණි Saturday, 29 January 2022 12:05 PM
ඩොලර් අච්චුගහන්න ටිකක් අමාරුයි නේද?
Dewa Saturday, 29 January 2022 12:44 PM
මෙයාලා රට ගෙනියන්න හදන්නේ රී ලෝඩ් ක්‍රමයට... මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද?
De Saturday, 29 January 2022 01:11 PM
අනේ රත්තරන් පුතේ ඩොලර් නම් අච්චු ගහන්න එපා.මුළු ලෝකෙටම කෙළවෙන සීන් එකක් ඒක
Shan Saturday, 29 January 2022 01:36 PM
අන්තිමට මුන් රටම විකුනලා තමයි පස්ස බලන්නේ .මොකද මෙයා වගකීම ගන්නවා කියන්නේ ඩොලර් කියන්නේ පතල් හාරලා ගන්න දෙයක් නෙමෙයි .බොරු සංදර්ශන .ඕවා හොඳයි මෝඩ බයියන්ට
kamal Saturday, 29 January 2022 01:57 PM
මේ වගේ මොල 7 විශ්ම කර්මයන් ඉන්නකන් අපිට සසර වසනතුරු, නිවන් දකිනතුරු බයවෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ...
Eranga Saturday, 29 January 2022 03:13 PM
අච්චු ගහන්න ලේසියිනේ...!
menna Saturday, 29 January 2022 04:50 PM
ලංකාවේ භාණ්ඩ හා සේවා මෙන්ම මූල්‍යමය අංශවලටද වෙලා තියෙන්නේ...? එකතු කරගෙන ඉන්නවා පහුවෙලා වැඩි අගයකට විකුණා ගැනීමට. මුදල්නම් බැංකුවේ තැන්පත් කරගෙන ඉන්නවා වැඩි පොලියක් ගැනීමට. ඒ වුණාට භාණ්ඩ හා සේවා මෙන්ම මුදල්ද නිසියාකාරව පරිහරණය නොකිරීමෙන් කල් ඉකුත් වී ජනතාවද හිඟන්නෝ වී, භාණ්ඩ හා සේවා මෙන්ම මුදලේද වටිනාකම බාල්දු කරගෙන ඇත. ලංකාවේ ඩොලර් නැතිවෙන්න එක හේතුවක් මට හිතෙන්නේ, ලංකාවේ පුද්ගලයින් වැඩි පොලියක් ගැනීමට බැංකුවල මුදල් තැන්පත් කරගෙන සිටීමයි. විශේෂයෙන්ම රජයේ බැංකුවල... රජයේ බැංකු බංකොළොත් වෙන්නේ නැතැයි කියන විශ්වාසයෙන් පුද්ගලයින් ඒවායේ තැන්පත් කරනවා. නමුත් බැංකුවලට නැහැ දේශීයව භාණ්ඩ හා සේවාවල ආයෝජනය කර ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගන්න ක්‍රමයක්... නමුත් තැන්පත්කරුවන්ට පොලි ගෙවීමට ඇති බැවින් විදේශවල ආයෝජනය කළද එම රටවල්වල විදේශ ප්‍රතිපත්ති සහ මූල්‍යමය ප්‍රතිපත්ති මත බලාපොරොත්තු වෙන ප්රතිලාභ නොලැබී ලංකාවේ මුදල ඩොලර් හෝ වෙනයම් විදේශ මුදලක් ලෙස විදේශවලට ගලායෑමක් පමණක් වී ඇත. රට තුල නිසියාකාර ආයෝජනයක් නොමැතිකමින් භාණ්ඩ හා සේවාද එයට ගැලපෙන වටිනාකමකින් යුත් මුදල්ද රට තුළ නොමැත...
Kumara Saturday, 29 January 2022 04:57 PM
ඩොලර් ගහ දැන් හොඳට වැවිලා ඇතිනේ...
menna Saturday, 29 January 2022 07:16 PM
රට තුළ නිසියාකාර ආයෝජනයක් නොමැතිකමින් භාණ්ඩ හා සේවාද එයට ගැලපෙන වටිනකමකින් යුත් මුදල්ද රට තුළ නොමැති බැවින් භාණ්ඩ හා සේවාවල හුවමාරුවට මුදල් අච්චු ගසා මුදල් සැපයුම වැඩිකිරීමට සිදුවී ඇත. ප්‍රතිඵලයක් ලෙස රජයේ බැංකු බංකොළොත් නොවුණාට රට බංකොළොත් වී ඇත. වර්තමානයේ රටේ භාණ්ඩ හා සේවාවල හුවමාරු මාධ්‍ය වන මුදල (රුපියල) ගැන විශ්වාසය අඩුවී ඇති බැවින් පොදු බිල්පත් (වතුර, විදුලිය වැනි ) නොගෙවා සිටීමට පුද්ගලයින් පෙළඹී ඇත. එබැවින් රටේ ආදායම අඩුවී, රටක් ලෙස විදේශ වලින් ණය ගැනීමට සිදුවී, නැවතත් පෙරකී මුදල් නිසියාකාරව පරිහරණය නොකිරීමේ විෂම චක්‍රයට හසුවී දිනෙන් දින පසුබැසීමකට ලක්වෙමින් ඇත...
Bamunuarachchi Sunday, 30 January 2022 08:43 AM
බලලා මැටියෙන් උනත් කමක් නැහැ මීයෝ අල්ලනවානම්
senaSunday, 30 January 2022 12:04 PM
මැටි බල්ලෙක් නෙමෙයි මේකා හොර පූසෙක්
kamalMonday, 31 January 2022 07:20 AM
බළලයි, පුන්නක්කු බොන හරකයි අඳුරගන්න බැරි 69 ලක්ෂයක් ඉන්න රටක් කවදාවත්ම ගොඩඑයිද?
fairoos Sunday, 30 January 2022 12:45 PM
රට බංකොලොත් කරලා ඉවරයි... දැන් එනවා කියවන්න...
Sriland Sunday, 30 January 2022 12:56 PM
මටනම් හිතෙන්නේ ඩොලර් නෑ කියන කතාව බොරුවක් කියලා. ගිය ආණ්ඩුව ඇවිල්ලා කළේ කළින් ආණ්ඩුව ගත්තු ණය ගෙවන්න කියලා ණය අරගත්තු එක. දැන් මේ ආණ්ඩුව කිව්වේ අපි ඇවිල්ලා ණය ගන්නේ නැතිව රට හදනවා කියලා දැන් කරන්නේ බොරුවට ඩොලර් නෑ කියලා අලුත් ක්‍රමයකට ණය ගැනීම.. මහබැංකුවේත් ඉන්නේ සෙට් එකේම කෙනෙක්. මුදල් ඇමැතිත් ඒගොල්ලන්ගේම කෙනෙක්.... කාටවත් කියන්න බෑ මුකුත්. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.. ඊළඟට එන ආණ්ඩුව ණය ගන්නේ මේ ආණ්ඩුව ගත්තු ඩොලර් ගෙවන්න කියලා..
DilMonday, 31 January 2022 04:24 PM
බොරුවෙන්නේ කොහොමද? මොන පදනමකින්ද බොරුයි කියන්නේ?.