(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක් තත්පර 25 ක් වැනි සුළු කාලයකදී මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය.
පෙට්‍රල් ඉන්ධන රැගෙන ආ බවුසරය ටඩාන්ගය අසල නවතා ඉන්ධන යොමු කරමින් සිටියදී බවුසරයේ නලය හා ටඩාන්ගයේ යකඩ බට අතර ගැටී අඩි පහළොවක් පමණ උසට ඒ තුළින් නැගී ආ විශාල ගිනිදැල්ලක් බවුසරයේ ඉහළටම වන්නට හටගෙන ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
තෙල් ගොඩ බාන අතරවාරේ එම කටයුත්ත කෙරෙහි සුපරික්ෂාකාරීව සිටි බවුසරයේ රියදුරු, සහායක සහ ඉන්දන හලේ සේවකයන් ගින්න හට ගැනීමත් සමගම බවුසරය එම ස්ථානයෙන් වහා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟම සෙසු සේවකයන් ගිනි නිවීමේ උපකරණ භාවිතා කරමින් ටඩාන්ගය තුළින් ඇවිලෙන ගින්න පැතිරීමට ඉඩ නොදී විනාඩි කිහිපයක් තුළදී නිවා දැමීමට කටයුතු කෙරිණි.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි
Bamunuarachchi Wednesday, 17 January 2024 05:51 AM
සේවය කරන අය බොරු ගින්දර හදලා හරි ඔවැනි අවස්ථාවලදී කඩිනමින් ක්‍රීයා කරන්න ගිනිනිවන උපකරන පාවිච්චිය ගැන පුහුණුව දීම වටිනවා. අපි දැක්ක සේවක මහතෙක් ගිනිනිවන උපකරනක් පාවිච්චි කර ගින්න නිවනවා.
චන්දන Wednesday, 17 January 2024 07:36 AM
ඒකෙ වීඩියෝ පටය දැක්කා. එහි සිටි සියළු දෙනා ක්ෂණිකව ක්‍රියාත්මක වුනා නිවැරදිව. ඒ සියළු දෙනාගේ දක්ෂකම අගය කරමු.
no name says Wednesday, 17 January 2024 08:07 AM
ආදර්ශමත් අගය කළ යුතු වීර ක්‍රියාවක් ආඩම්බරයි අපි හැමෝටම
no name says Wednesday, 17 January 2024 08:11 AM
ආදර්ශමත් සොයුරනි ආඩම්බරයි
KelaniNaya Wednesday, 17 January 2024 09:04 AM
මරු ජයවේවා