(සුජිත් හේවාජුලිගේ )
හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු ඉන්ධන අර්බුදය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් අඩපණ වී ඇතැයි එම ඉදිකිරීම් බාර චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙන්වාදී ඇත.
ලෝකයේ ආර්ථික කඩා වැටීම නිසා එම කර්මාන්තපුරයට නව ආයෝජන පැමිණීමද ප්‍රමාද වී ඇතැයි ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.
එම කර්මාන්ත පුරයට ටයර් කර්මාන්තශාලාවක්, සුඛෝපභෝගී මුහුදු යාත්‍රා (Yacht) නිෂ්පාදන අංගනයක් ,මහා පරිමාණ ගුදම් ගබඩා සංකීර්ණයක්,සිමෙන්ති ආශ්‍රිත කර්මාන්ත ,තීරු බදු බදුරහිත වෙළෙඳ සංකීර්ණයක් ඇතුළු නව ගොඩනැගිලි රැසක් ඇතුළත් වේ.
එම ගොඩනැගිලි ස්ථාපිත කිරීමට දැනටමත් මූලික පියවර ගෙන ඇත.
හම්බන්තොට වරායේ නාවික මෙහෙයුම් කටයුතු චිනයේ සමාගමක් (Hambantota international port group ) සිදු කළත් එහි සියයට 15ක කොටස් අයිතිය රජය සතු නිසා හම්බන්තොට වරාය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට උනන්දු විය යුතු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වරාය පරිශ්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත අන්තර් ජාතික කර්මාන්තපුරයේ කටයුතු සඳහා එම චීන සමාගමට අක්කර 500 ක් මේ වනවිට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තපුරය ඉදිකිරීම්වලට බලපා ඇති බාධා පිළිබඳව අදාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා මෙහිදි එකඟවිය.
මෙහි ආයෝජන දිරිගැන්වීමෙන් රටේ විදේශ විනිමය අර්බුදයට යම් විසඳුමක් සොයා ගැනීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මෙම සමස්ත ව්‍යාපෘතිය තුළින් පන් දහසකට පමණ (5000) රැකියා අවස්ථා ලැබෙන බවත්,මෙතෙක් වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 973 ට අතිරේකව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් මෙම ව්‍යාපෘතියේ ඉදිරියේ ආයෝජන කිරීමට නියමිත බවත් මෙහිදී සඳහන් විය.
වර්තමානයේ හම්බන්තොට වරායේ සියයට 98 ක්ම සේවය කරනු ලබන්නේ ලාංකිකයන් බවද නිලධාරීහු පැවසූහ.
මෙම තොරතුරු අනාවරණය වූයේ අමාත්‍යවරයා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
මෙහිදී ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද පැවැත්විණ.
මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු (Johnson Liu ) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ හා කොළඹ වරාය බහාලුම් පර්යන්ත සමාගමේ (CICT) සමාගමේ ප්‍රධානී ජැක් හෝන් (Jack Huang) යන මහත්වරුද සහභාගී වූහ..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී