IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම්

(ෂේන් සෙනෙවිරත්න)

රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය 2022 අද ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථනයේ දී ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියා කරන එම ත්‍රිරෝද රථය පිලිබඳ මාධ්‍යයට හඳුන්වා දුන්නේය.

‘‘ඊ‘‘ වීලර් යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝ මීටර් 60 ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්යවරයා පවසයි .

මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළ විට මෙරට ඇති මිලියන දෙකක් වූ තීරෝද රථ විදුලියෙන් දිවීමට හරවා ගත හැකි වන බවයි .

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය රට පුරා ඒ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථානවලට ලබාදී ආරෝපණය කරන ලද බැටරියක් ලබාගත හැකි වීමයි .

එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා කියා සිටියේය.

දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටින බව ද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසිය

මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලි ත්‍රි රෝද රථය පදවා පෙන්වූ අයුරු .

 



අදහස් (20)

ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම්

කිරි පුතා Wednesday, 23 March 2022 06:45 PM

ඒ බැටරිය සූර්ය බලශක්තියෙන් ආරෝපනය කළ යුතුයි. එවිටයි ලාභයක් සහ පරිසර හිතකාමී වන්නේ. පවතින විදුලි බලයෙන් ආ⁣රෝපනය කරනවා නම් තේරුමක් නෑ. මොකද ඒ විදුලි බලය ලැබෙන්නේ ඉන්ධන දහනයෙන්නේ...

:       8       55

Anura Wednesday, 23 March 2022 07:27 PM

එක ආරෝපණයකින් කිලෝ මීටර් 60 කියන එක එච්චර ප්‍රායෝගික නැහැ මම හිතන්නේ... දවස් 2 කට සැරයක් බැටරි මාරු කරන්න වෙන එකට කවුරුත් කැමති වෙන එකක් නැහැ...

:       4       32

chandimaFriday, 25 March 2022 06:20 PM

ආරෝපණය කියන්නේ බැටරි මාරු කරනවට නෙවෙයි...! බැටරි චාර්ජ් කරනවට... ඒකට කිලෝමීටර 60ක්ම යනකල් ඉන්න ඕනේ නැහැ. කිලෝමීටර 10ක් 15ක් ගියාට පස්සෙත් චාර්ජ් කරගන්න පුළුවනි... ඒත් ඉතින් පැය 10ක් විදුලිය කපද්දී ඒක කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ... !

:       1       3

AnuraSaturday, 26 March 2022 07:32 AM

ඔබතුමා හරියට කියවලා නැහැ. ගෙදරදී ආරෝපණය කරනවා වෙනුවට ආරෝපණය කරපු බැටරියක් මිලදීගන්න වෙනවා කියන අදහස් තමයි එතුමා කියලා තියෙන්නේ...

:       1       0

Sriland Wednesday, 23 March 2022 08:02 PM

හොඳ වැඩක්... ඒ වුණාට ඕවා පාස් වෙලා එනකොට ඕවා ගන්න ඉන්න අය ගිහිල්ලත් ඇති... ලංකාවේ දෙයක් හැදුවාම අපි සතුටු වෙනවා... ලොකු ගාණක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට කරන්නේ පිටරටින් ගේන මිලටම විකිණීමයි. ජයවේවා..!

:       4       27

අප්පුහාමි Wednesday, 23 March 2022 08:12 PM

මහාචාර්යතුමෝ බලන්නකෝ ඕක සූර්ය බලයෙන් ධාවනය කරන්න ක්‍රමයක් හදන්න පුළුවන්ද කියලා? මොකද දැන් අත්‍යාවශ්‍යම දෙයකට වුණත් විදුලිය නැහැනේ...

:       1       40

සිරි Wednesday, 23 March 2022 08:15 PM

අනේ මෙවන් විශිෂ්ඨයින් සිටින රටක ආර්ථිකය කඩා වැටීම කෙතරම් ශෝචනීයද?

:       3       33

Hafeel Thursday, 24 March 2022 08:04 AM

කණගාටුයි. මේ රටේ විශිෂ්ඨයින්ට තැනක් නැහැ. දූෂිතයින්ට, මාල කඩන්නන්ට, රටේ සම්පත් තුට්ටුවට විකුණලා කොමිස් ගහන්නන්ට තමයි මේ රටේ තැනක් තියෙන්නේ...

:       1       1

pakeer Thursday, 24 March 2022 01:00 AM

සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා... ඒත් දැන් අප යා යුත්තේ සූර්ය බලයටම පමණි. මේ ලෝකයේ පවතින ස්වභාවික ක්‍රමය තමයි සූර්ය බලය... එතැනින් තමයි හැම ශක්ති ප්‍රභවයක්ම ආරම්භ වෙන්නේ.. අප යායුත්තෙත් එතැනටය‍ි...

:       0       3

ආනන්ද Thursday, 24 March 2022 06:34 AM

කිලෝමීටර 60 කට බැටරියක් මාරු කරන්න වෙන සීන් එකක් නිසා ඒක ප්‍රායෝගික නැහැ. සෝලාර් පවර් එකෙන් චාර්ජ් කරන්න හැදුවා නම් හොඳයි නේද?

:       0       3

Hafeel Thursday, 24 March 2022 08:11 AM

විශිෂ්ටයි, ආඩම්බරයි. ඒ වගේම සුබපතනවා. නමුත් විදුලි කප්පාදු කරන මේ රටේ කොහොමද මේ බැටරිය චාර්ජ් කරන්නේ? ඒ නිසා සියලු උත්සාහයන් සහ බලාපොරොත්තු සාර්ථක වෙන්න අවුරුදු 74ක අසාර්ථක පාලනය නිමාකරමු. අලුත් බලවේගයක් බලයට ගෙන්න වෙනවා.

:       1       1

පුබුදු Thursday, 24 March 2022 09:31 AM

මුලින්ම එන සිතුවිල්ලෙන් කමෙන්ට් කරන්න කලින් හිතලා බලන්න. මෙතන ප්‍රායෝගික ව්‍යාපාරික ක්‍රමවේදයකුත් තියෙනවා. අරොපිත බැටරි මාරු කිරිම ව්‍යාප්ත ක්‍රමයක් වශයෙන් කළ හැක. අපේ රටට විදුලි වාහන වලට අනුගත වෙන්න හොඳ ක්‍රමවේදයක්...

:       0       5

gag Thursday, 24 March 2022 10:16 AM

තියෙන මෙවලම් ටික බලපුවාම මිලියන 3 ක් වත් මිලකරන්න වෙයි වගේ...!

:       3       1

Gayantha Thursday, 24 March 2022 12:08 PM

ප්‍රායෝගික වැඩක් නෙමෙයි. මේ තාක්ෂණය දැනටමත් තියනවා. හරි නම් බලන්න ඕනේ පුනර්ජනනීය විදුලිය භාවිතා කරලා මේක රන්වෙන විදිය. මේකට අමතර බැටරී නඩත්තු කරන එකම ලොකු පිරිවැයක් සහ පරිසර හානියක්... වඩා යහපත් වෙන්නේ රට පුරා චාර්ජින් පොයින්ට් සවිකර පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ඒවාට විදුලිය සැපයීම. එතකොට ත්‍රී රෝද පමණක් නෙමෙයි, අනිත් වාහන වලටත් සේවය ලබාගැනීමට පුළුවන්...

:       1       4

රංග Thursday, 24 March 2022 02:37 PM

ත්‍රී විලයේ වහල මත සූර්ය පැනල සවි කර ධාවනයේදී ඔටෝ චාර්ජ් වෙන්න හැදුවා නම් ගොඩක් හොඳයි...!

:       1       9

Bunny Preena Thursday, 24 March 2022 04:30 PM

බොහොම සතුටුයි කියන්න තමයි තියෙන්නේ... මෙය පුවතක් හැටියට විතරක් අපිට දකින්නට ලැබෙන පළමුවන අවස්ථාව විය හැකිය. මෙයට පෙර නව සොයාගැනීම්වලට මොනවා වුණාදැයි අපි කවුරුවත් දන්නේ නැහැ.

:       0       4

දයා හෙට්ටිආරච්චි Thursday, 24 March 2022 06:51 PM

එම සරසවියේම ඉංජිනේරුවකු වශයෙන් මම ඉතා අගය කරමි. මෙම කණ්ඩායමට සුබපැතුම්...! කෙසේවෙතත් මම දකින එක ගැටලුවක් මෙසේ දක්වමි. මෙම බැටරිය මාරුකර ගැනීම කොතරම් පහසු වේද? එහි බර කෙතරම්ද? දවසකට රියදුරෙක් කොපමණ කි.මී. ප්‍රමාණයක් ධාවනය කරයිද? එය කි.මී. 120ක් වුවහොත් දිනකට තුන්වරක් බැටරිය මාරුකිරීමට සිදුවේ. මෙය ප්‍රායෝගිකව කළහැකිද කියා විමසා බලන්න. ස්තුතියි..!.

:       1       7

M. A. GANGA Friday, 25 March 2022 06:44 AM

ඒක විශිෂ්ඨයි.

:       0       2

Deepal Nirosh Saturday, 26 March 2022 11:56 AM

සූර්ය බලයෙන් ආරෝපණය කිරීමට ක්‍රමවේදයක් සැකසීම දිගුකාලීන වැඩක්... එතකොට මේ නිර්මාණය ලත් තැනම ලොප් වේවි. බැටරියෙන් වරකට ධාවනය වන දුර කි.මි.60ක් පමණක් බැවින් හිමිකරුවන්ට තම නිවසේදීම ආරෝපණය කරගත හැකි තාක්ෂණයක් හඳුන්වාදීමයි කෙටිකාලීනව ප්‍රායෝගික වන්නේ. එහෙම වුණොත් මේ තාක්ෂණය ජනප්‍රිය වේවි. කොහොමටත් මේ රථය ආර්ථික වශයෙන් ඛනිජතෙල් රථවලට වඩා කාර්යක්ෂමයි...

:       0       1

samapth Saturday, 26 March 2022 08:04 PM

මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. සහමුලින්ම මූලික හැඩය වෙනස් කරන්න අපිට අයිතියක් නෑ. අනෙක විදුලිය උත්පාදනයට ආයෙත් තෙල් ඕනෙ වෙනවා. ඔය ත්‍රිවිල් එකට කරන්න පුළුවන් හොඳම දේ LP ගෑස්වලට කන්වර්ට් කරන එකයි. එහෙම නැතිනම් ස්වභාවික ගෑස්...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

බඹර කූඩුවක් එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 0 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 133 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 375 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 763 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 862 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36704 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24271 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site