(ඩයනා උදයංගනී)
ලබන වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව ලබන ජනවාරි 1 වැනිදා දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය වෙනුවෙන් එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව සල්පර් ප්‍රතිශතය 0.05 ක් වන ඩීසල් බැරල් 1,137,500ක් සහ උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 ක් වන ඩීසල් බැරල් 262,500ක් ආනයනය කිරීමටත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් 1,341,000 සහ ඔක්ටේන් 95 වර්ගයේපෙට්රල් බැරල් 459,000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත බව ඇමතිවරයා කීවේය.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවලට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව රමේෂ් පතිරණ මහතා පැවසීය.
වර්තමානයේ දී ජනතාව අතර ඉන්ධන හිඟයක් පිළිබඳව බියක් ඇතිවෙමින් පවතින බව කී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එවැනි හිඟයක් වර්තමානයේ දී නොමැති අතර ඉදිරියේදීත් ඇති නොවන බව ඉතාම වගකීමෙන් රජය ලෙස වගකීමෙන් ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන ගේන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්
Dan Tuesday, 26 October 2021 12:25 PM
දැන් එහෙනම් අපිට බය වෙන්න ඊළඟට මොනවද රටේ විකිණෙන්නේ කියලයි .මේ කම්පැනියත් අයිති නන්දසේනටද දන්නේ නෑ
fairoos Tuesday, 26 October 2021 12:44 PM
එකත් බලන්න පුළුවන් වෙයි ළඟදීම
dhamneth Tuesday, 26 October 2021 01:10 PM
සිංගප්පූරුවේ තෙල් නිෂ්පාදනයක් නැහැ. මා අසා තිබෙන්නේ සිංගප්පූරුවට තෙල් නිපදවන රටවලින් තෙල් මිලදී ගෙන, එයත් ලාභයක් තියාගෙන නැවක විකුණන බවයි. ඒ නිසා මැද පෙරදිග තෙල් නිපදවන රටවලින් අපි කෙළින්ම තෙල් මිලදී ගතහොත් රජයට වඩා ලාභ නැද්ද?
Hafeel Tuesday, 26 October 2021 02:34 PM
මේ ආණ්ඩුව ඉන්ධන හිගය වහන්න තවත් බොරුවක් දැන් කරලියට ගෙනල්ලා . ඕමානයෙන්, එක්සත් අරාබි රාජ්‍ය, ඉන්දියාවෙන් ණයට තෙල් ඉල්ලුවයි කිව්වා. ඉන්දියාවෙන් තෙල් ගන්න ණයට සල්ලි ඉල්ලුවා. ගම්මන්පිල ලජ්ජා නැතුව බිරිඳට බුර්කාව ඇඳගන ගිහින් ඉරානයෙන් තෙල් ඉල්ලුවා. දැන් සිංගප්පුරු කතා. මේකේ මොනවාද ඇත්ත කතා.
අමිල Tuesday, 26 October 2021 07:30 PM
අවස්තාවෙ හැටියට ඒ දේ හොදයි, ඒත් මේකත් රජයේ ආදායම සිංගප්පූරුට යන තැනක් තමයි
අගුපිලගේ Tuesday, 26 October 2021 08:04 PM
නැව් අලුත් වැඩියාව විදුලි උපකරණ හා යන්ත්‍රෝපකරණ නිපදවන ඉන්ධන නිෂ්පාදනය නොකරන රටකින් ඉන්ධන ගැනීම නිසා අමතරව ගෙවීමකට ඉඩක් ඇතැයි සිතෙනවා.ඇත්තටම ඉන්ධන නිපදවන රටකින් ගත්තොත් ටිකක් හෝ අඩු මිලකට ගන්න බැරිද අහන්නෙ නොදන්නා කමටයි