(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ඉන්ධන නොමැති කමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය රෝහලට නොපැමිණීමෙන් බාහිර අංශයේ රෝගීහු අද දැඩි අපහසු තාවයට පත් වූහ.
වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නොමැතිවීම නිසා පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, තන්තිරිමලේ, ඔයාමඩුව, නොචිචියාගම වැනි දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගිහු විශාල පිරිසක් බොහෝ වේලාක් රෝහලේ ගත කිරීමට සිදුවූහ.
ඉන්ධන පෝලිම්වල රැදි සිටි වෛද්‍යවරු එකිනෙකා රෝහලට පැමිණිමෙන් අනතුරුව රෝගීන් හට ප්‍රතිකාර ලබාදිම ආරම්භ කළහ.
රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා මෙසේ කීය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ යෙදෙන සෞඛ්‍යය නිලධාරීන්ට රෝහල වෙත පැමිණීමට ඛනිජ තෙල් නොමැතිවීම හේතුවෙන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීනට ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමුවා ,
මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.
‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛදවරුන් මෙන්ම අනෙක් වෛද්‍යවරුන් රැසක් පිට පළාත්වලින් පදිංචි කරුවන් ඔවුන්ට ඉන්ධන නොමැතිකම හේතුවෙන් රාජකාරිය සදහා යන්න එන්න අපහසුයි..
රෝහලට ආවෝත් නිවසට යන්න එන්න බැහැ. වෛද්‍යවරුන්ටම වාගේ රෝහල් කාර්ය මණ්ඩලයටත් මේ ඉන්ධන ප්රශ්නය දැඩිව බලපානවා’.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන නැතිව අ‘පුර රෝහලත් ලෙඩ වෙයි
kasun Friday, 17 June 2022 05:26 AM
වෛද්‍යවරුන්ට ඇයි පොදු ප්‍රවාහනය භාවිතා කරන්න බැරි...?
asiri Friday, 17 June 2022 09:05 AM
පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, තන්තිරිමලේ, ඔයාමඩුව, නොචිචියාගම වැනි දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගිහු ආවේ කොහොමද කියන ඒකයි මට තියන ප්රශ්නය. වැඩ කරන්න අයනම් කිමී. 2 -3 ඉන්න අය.