(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඉන්ධන නොමැති වීම හේතුවෙන් මාතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවයට පත් වූහ.
නේවාසික රෝගීන්ට දිය යුතු කෑම වේලද අහිමි වී තිබු අතර දුර බැහැර සිට ඥාතීන් නොපැමිණි රෝගීන්ට නිරාහාරව සිටීමට සිදු ව ඇත.
වෛද්‍යවරුන් හැර සෙසු කාර්ය මණ්ඩලය මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පළ කළේය.
මේ නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අවදානම් තත්වයකට පත්විය.
ඔවුන් වෙනත් රෝහල්වලට යැවීමට ගිලන් රථවලට අවශ්‍ය ඩීසල් ද ප්‍රමාණවත් තරම් නොවීය.
බාහිර රෝගී අංශය හා සායන ආදී සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර ප්‍රතිකාර ගැනීමට දුර බැහැර වල සිට පැමිණී රෝගීහු හිස් අතින් ආපසු හැරී ගියහ.
සෞඛ්‍ය සේවකයන් සදහා පසුගියදා ඉන්ධන ලබා දීමට වෙන් කළ පිරවූම්හල්වලින් තමන්ට ඉන්ධන නිකුත් නොකර බාහිර පුද්ගලයන්ට ඉන්ධන ලබා දුන් බවත් ඒ හේතුවෙන් රැකියාවට ඒමට ඉන්ධන නොමැති බවටත් සෞඛ්‍ය සේවකයෝ චෝදනා කළහ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් මාතර මහ රෝහලේ රෝගී සත්කාර සේවාව සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී තිබිණි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන නැතිව මාතර රෝහලේ සුව සේවකයෝ වැඩ වරති
Lalith M Wednesday, 20 July 2022 08:04 AM
මේ වැඩවැරුම තමන්ගේම වර්ගයාට කරන අපරාධයක් සහ තමන්ගේ තත්ත්වය ගැන අධි තක්සේරුව නිසා බව මොවුන්ට වැටහෙන්න ඕනෑ. ඔය ක්‍රියාමාර්ග වලදී තමන්ගේම පවුලකට කරදරයක් වෙනකම් තම උද්දච්චකම නැතිකළ නොහැකියි. මොවුන්ට ගහලා පන්නලා දාන්න ඕන. ජනද්‍රෝහීන්...!