ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දුන්නේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ මෙම නව ගෙවීම් ක්‍රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කර ඇතත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් දක්වා සීමා කර තිබුණත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුමද ඉහළ යමින් පවතින බැවින් දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බව රාජපක්ෂ මහතා පැවසුවේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් බැර කළත් නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා චෝදනා කළේය.
ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම චෙක්පත් ලබා දීම අලෙවිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ප්‍රායෝගික ගැටළුවක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවත් නාඔටුන්න මහතා පෙන්වා දුන්නේය.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි
ranjith Sunday, 04 September 2022 01:23 PM
දේශීය ආර්ථිකය ගැන පුරසාරම් දොඩමින් ඔක්කොම පිටරැටියන්ට දෙන්න තමයි ඔට්ටු වෙන්නේ...
SanthuSunday, 04 September 2022 03:50 PM
දේශීය ආර්ථිකයක් තියෙනවද. වෙලාවකට හිතෙනව ඒක හොඳයි කියල. අපේ අපේ කිව්වට නැති බැරි විටදි පිහිටට පිටින්ම එන්න ඕන. ඒ අයත් එක්ක මුදල් ගනු දෙනු හරියට පෙන්වන්න ඕන. ෂෙඩ් හිමි කරුවන් ගෙවල ගත්තම, ඒවා තමුන්ගෙ. හොරට, යාළු කමට, වැඩි මිලට ඒවා දෙන්න බැහැනෙ. දුන්නොත් පාඩුවත් විඳ ගන්න ඕන.
akila Sunday, 04 September 2022 02:07 PM
රාජපක්ෂ-රනිල් යුගයෙන් අපේ රට ආපස්සට වැටුණා. අද අපි, රටේ ජනතාවට තියෙන ප්‍රශ්න පාලකයින්ට නැහැ. ගතයුතු පියවර අපි දනිමු...
amila Sunday, 04 September 2022 03:24 PM
පිටරට සමාගම් ආයෝජනය කළාම ලංකාවට වාසියක් තියෙනවද? ඒගොල්ලෝ ආයෝජනය කරලා එන මුදල් ඩොලර්වලට හරවලා ආයේ අරන් යනවා නේද? එහෙම අරන් යන්නත් ඩොලර් නැහැ නේද? ලංකාවේ ආයෝජනය කරන්න අවසර දෙනවට රජය මොනවා හරි ගාස්තු හෝ බදු අය කිරීමක් කරනවද?
sunilSunday, 04 September 2022 05:20 PM
මේ හිඟන රටට පැමිණ ආයෝජන කිරීම පිළබඳව, මේ පිටරට සමාගම් වලට වන්දනා කල යුතුයි.
JemaSunday, 04 September 2022 05:22 PM
ඩොලර් තැන්නම් ඒ වටිනාකමට එයාලට මෙහෙන් දේපොළ ගන්න පුළුවන්. අරගෙන ඉන්වෙස්ට් කරලා අලුත් එක්ස්පෝට් කරලා ඩොලර්ස් උපයා ගන්න පුළුවන්.
කල්ලතෝනියාSunday, 04 September 2022 06:40 PM
අන්න එතැනයි පොයින්ට් එක... අන්තිමට මේ බිමේ උපන් අයට බිම් අඟලක් හරි ලබෙන්නේ මළාම විතරයි. ඒකත් කුණුවෙලා ගඳ ගහන නිසා. නැත්නම් ඒකත් නෑ.. ඊට කලින් තමන්ගේ කියලා ගෙයක් ඉඩමක් හදාගැනීම සුම්මා...
ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 04 September 2022 04:04 PM
ඇයි කලින් මුදල් ගෙවන්න බැරි? මේ තරම්කල් හම්බ කළ මුදල් කෝ? මොකද කලින් තෙල් ණයටද පාරිභෝගිකයින්ට දුන්නේ?
pakeer Sunday, 04 September 2022 06:11 PM
මේක තමයි වෙන්න ඕනේ... කමක් නැහැ. දැන් කොහොමත් එකයි. මේක බේරගන්න බැහැ.
sb Sunday, 04 September 2022 08:26 PM
කරුණාකරලා ඔය ශෙඩ්වලින් ණයට තෙල්ගහපු අය සල්ලි දෙන්න. පවු එයාලට සල්ලි නෑලු, අපිට පිනට සහ ණයට තෙල් ගහලා...
Perera Monday, 05 September 2022 07:56 AM
මට පෙනෙන්නේ අන්තිමට අපේ ගේ දොර ඉඩකඩම් පවා කොහේ හරි පිට රටකට විකුනන්න වෙයි වගේ අගාධෙන් ගොඩ එන්න