(යොහාන් භාසුර)
ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුව ද සේවකයන් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බව කී එම උසස් නිලධාරියා කොළොන්නාව තෙල් පර්යන්තයෙන් පමණක් අද දිනයේ බවුසර් 200 කට ආසන්න සංඛ්‍යාවක් පිටත්කර හැරි බව ද සඳහන් කළේය.
රටපුරාම ඉන්ධන තොග බෙදාහැරීම නිසා ඊයේ දිනයේ කිසිඳු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් වාර්තා නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු පරිශ්‍රයන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කීය.
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි
ruwan Thursday, 30 March 2023 05:29 PM
හොඳම වැඩේ ඔය සමිති කාරයින්ට... පුද්ගලික අංශයේ මිනිස්සු මැරිලා වැඩ... මේ අයව නඩත්තු කරන්න.